Special News

ඒකාබද්ධ විපක්ෂයේ ආයුෂ අගෝස්තුවේ අවසන්

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය ලබන අගෝස්තු මාසයේදී අවසන් වන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් විසින් සිදු කළ වංචා දූෂණවලට අගෝස්තු මාසය වන විට දඬුවම් ලැබෙන බවද හෙතෙම සඳහන් කළේ මහනුවර පැවැති උත්සවයකදීය. ඒකාබද්ධ විපක්ෂය ඕනෑම චෝදනාවක් එල්ල කළද එය ඔවුන් වෙත යළි ගමන් කරන බව ඇමැතිවරයා පැවැසීය. Read More

අධිකරණය දැන් ස්වාධිනයි දෙමුහුන් උසාවි රටට එපා – අගමැති

ශ්‍රී ලංකාවේ යුධ අපරාධ සිදු වී ඇති දැයි සෙවිමට දෙමුහුන් අධිකරණයක් හෙවත් හයිබ්‍රිඩ් අධිකරණයක් හැදීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (03) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය ගොඩනැංවෙනවා නම් දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය පැන නැගෙන්නේ නැතැයිද අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කළේය. කොළඹ අලුත්කඩේ උසාවි සංකිරණයේ දි ඊයේ පැවැති Read More

රුපියල් ලක්ෂ 157 ට වැඩි වටිනාකමක් සහිත මුහුණු ආලේපන තොගක් අත්අඩංගුවට

තොග වශයෙන් මෙරටට ගෙන්වූ මුහුණු ආලේපන නීති විරෝධී ලෙස විවිධ වෙළෙඳ නාමයන් යටතේ ඇසුරුම් කළ ව්‍යාපාරික ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 157ට වැඩි වටිනාකමකින් යුතු මුහුණු ආලේපන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන එම ගබඩාවට මුද්‍රා තබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. මෙලෙස මුද්‍රා තබා ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ගබඩාවකි. බැරල් වශයෙන් මෙරටට ගෙන්වන මුහුණු Read More

ඉදිරියේ දී සහල් මිල තවත් අඩු කරනවා – ඇමති රිෂාඩ්

එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව කාලයේ දී සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිවක හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවත් සහල් මිල තව දුරටත් අඩුකළ හැකි බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. සහල් තොග ඕනෑ තරම් සතොස ගබඩවල ඇති බැවින් ලක් සතොස මගින් පාලන මිලටත් රුපියල් තුනක් අඩුවෙන් සහල් විකුණන බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ Read More

අභියෝග කළේ හිටපු ජනාධිපතිට මිස බන්ධුලට නොවේ : හැකිනම් අධිකරණයට යන්න

අධිකරණය හමුවට යා යුත්තේ බැඳුම්කර නිකුත් කිරීමේ දී දූෂිත ආකාරයට කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපතිවරයා මිස අනුගාමිකයන් නොව බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යළි අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පැවැති ආණ්ඩුවේ වෙනත් අමාත්‍ය ධුර දැරූ බන්ධුල ගුණවර්ධන හෝ මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් අධිකරණය හමුවට යාමෙන් පළක් නොවන බවයි. බැඳුම්කර Read More

උපරිම සිල්ලර මිලට වඩා රු.3ක් අඩුවෙන් හාල් ලංකා සතොසේ තියෙනවා

සහල් සදහා නියමකල උපරිම සිල්ලර මිලටත් වඩා රුපියල් තුනක් අඩුවෙන් ලක් සතොස මගින් සහල් විකුණන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. දේශීය හා ආනයනික සහල් තොග අවශ්‍ය තරම් සතොස ගබඩාවල ඇති බැවින් පාරිභෝගිකයින්ගේ පහසුව තකා මෙම පියවර ගත් බව ඇමතිවරයා  වැඩිදුරටත් පවසයි. ඒ අනුව උපරිම සිල්ලර මිල රුපියල් 78 ක් ලෙස Read More

විදේශ අැමති මංගල සෙයිද් අල් හුසේන් කුමරු හමුවෙයි

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු සමග සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සාකච්ඡාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වෙනි සැසිවාරයට සමගාමීව ඊයේ (01), ජිනීවා හිදී පැවැත්වීය.  

අගමැති රනිල් නව ව්‍යවස්ථාවේ හැඩතල පෙන්වයි

කොටිකාවත්ත නාගරුක්ඛාරාමයේ තෙමහල් ගොඩනැගිල්ල මෙම විහාරස්ථානයේම මලියදේව ධර්ම විද්‍යාලය ආරම්භ කරන ලද අපේ කල්යාණි පාර්ශවයේ ලෙනගල සුමානන්ද මහා නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නම් කරන ලදී. එය සුදුසු වන්නට හේතුව උන්වහන්සේ විසින් මෙය ආරම්භ කර කාලයක් පවත්වාගෙන යෑමයි. එය මේ ප්‍රදේශයේ සියලූම දෙනා හොදින් දන්නා කාරණයකි. අවුරුදු 70 කට පෙර ධර්ම විද්‍යාලයක් ආරම්භ කිරීම ලෙහෙසි පහසු Read More

ගම්මන්පිලට එරෙහිව ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික් සාක්ෂි දෙයි

උදය ගම්මන්පිල විසින් මෙරට සිටි කීර්තිමත් විදෙස් ආයෝජකයෙකුගේ වත්කම් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් යොදාගනිමින් කූට ලෙස වංචාකිරීමෙන් රටේ කීර්තිනාමයට කැළලක් ඇති වූ බවත් ඒ තුළින් විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳව තබා තිබූ විශ්වාසය හා බලාපොරොත්තු බිඳ වැටීමට ලක්වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. තමන් මේ සම්බන්ධයෙන් බ්‍රයන් ෂෙඩික් මහතා සහ ජෙනට් ෂෙඩික් මහත්මිය Read More

රවීගෙන් මහින්දට අභියෝගයක් : බැඳුම්කර චෝදනා අසත්‍ය නම් අධිකරණයට යන්න

බැඳුම්කර නිකුත් කිරීමේ දී පැවැති ආණ්ඩුව කටයුතු කළ දූෂිත ආකාරය සම්බන්ධයෙන් හෙළි කළ තොරතුරු අසත්‍ය නම් අධිකරණය හමුවට යන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙවැනි කරුණු සාකච්ඡා කළ යුත්තේ ආගමික ස්ථානවල හෝ දේශපාලන වේදිකාවල නොවන බවයි. අධිකරණ පද්ධතිය සම්පූර්ණයෙන් ස්වාධීන කර Read More

t

o

p