ඒකාබද්ධ විපක්ෂයේ ආයුෂ අගෝස්තුවේ අවසන්

March 6, 2017

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආයු කාලය ලබන අගෝස්තු මාසයේදී අවසන් වන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් විසින් සිදු කළ වංචා දූෂණවලට අගෝස්තු මාසය වන විට දඬුවම් ලැබෙන බවද හෙතෙම සඳහන් කළේ මහනුවර පැවැති උත්සවයකදීය.
ඒකාබද්ධ විපක්ෂය ඕනෑම චෝදනාවක් එල්ල කළද එය ඔවුන් වෙත යළි ගමන් කරන බව ඇමැතිවරයා පැවැසීය.
මේ වන විට රට තුළ සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කර ඇති අතර එහි ප්‍රතිඵල ඉදිරියේදී දැක බලා ගත හැකි බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

t

o

p