Special News

ඉවසුවා ඈති…

දැන් ඉවසුවා හොඳටම ඇති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සිය අමාත්‍යංශයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ ශ්‍රීලනිපය දෙකඩ නොවී රැක ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත් බවයි. රජෙක් වගේ සිටි මහින්ද රාජපක්ෂ රතු පලසින් තාර පාරට දමාගෙන සිදුකරන මෙම ක්‍රියාදාමය තවදුරටත් බලා සිටිය නොහැකි බව ඔහු කීවේය. එසේම Read More

මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ ජාතික මද්‍යසාර සමුළුව 2016 අද (04) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාපරිශ්‍රයේ දී සිදු කෙරෙන බව බව ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි. මද්‍යසාර පිළිබඳ ජාතික සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී ඊයේ (03) සහභාගී වෙමින් වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මේ Read More

අපේ මිනිස්සු හොදට බොනවා…..

යුරෝපයේ රටවල ජනතාව දෛනිකව පරිභෝජනය  කරන මද්‍යසාර ප්‍රමාණය මෙන් පස්ගුණයක ප්‍රමාණයක් ලංකාවේ ජනතාව පරිභෝජනය කරන බව අනාවරණය වී තිබේ. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. ලංකාවේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය දිනකට ලීටර් 3.3ක් බවද, යුරෝපයේ එම ප්‍රමාණය ලීටර් 0.5ක් බවද කී ඔහු ලංකාවේ මද්‍යසාර Read More

අවි – මිනිස් – මත්ද්‍රව්‍ය ජවාරම් මඬින හැටි අගමෑති කියයි

අවි, මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීම සඳහා නව ක්‍රමවේදයක් සැකසීමට සාමුහීක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ. ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ජකර්තා අගනුවර දී එරට දේශපාලන, නීතිය හා ආරක්ෂක අමාත්‍ය විරන්තෝ මහතා මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ නීතිය Read More

මාසයක් ඇතුළත එ.ජා.ප යට සාමාජිකයන් ලක්ෂ 08 ක්

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් තිස් ලක්ෂයක් බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මාසයක් තුළ සාමාජික සාමාජිකාවන් ලක්ෂ 08 ක් බඳවා ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි. එක්සත් ජාතික පක්ෂ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් සාමාජික සාමාජිකාවන් ලක්ෂ 30 ක් බඳවා ගැනිම සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවය. ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් තුනෙන් දෙකක (2/3) සංඛ්‍යාවක් එක්සත් Read More

ගේට්ටුකරුවන්ගේ වර්ජනයේ – දුම්රියේ හැපී එකම පවුලේ 03ක් මරුට

කුරුණෑගල, හිරියාල සහ ගනේවත්ත දුම්රිය ස්ථාන අතර අතුරු මාර්ගයක සිදු වූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මව සහ දරු දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදීයි. අද පෙරවරු 11යි 40ට පමණ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ සීඝ‍්‍රගාමී දුම්රියේ හැපී ඔවුන් මියගිය බවයි පාලක මැදිරිය සඳහන් කළේ. Read More

ඔලිම්පික් යන එංගලන්ත කාන්තා රගර් කණ්ඩායම නිරුවත්වෙයි

මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන එංගලන්තයේ කාන්තා රගර් කණ්ඩායම සඟරාවක් වෙනුවෙන් නිරුවත් වී තිබෙනවා. මෙලෙස ඔවුන් නිරුවත් ඡායාරූප ඉදිරිපත් කර ඇත්තේ Women’s Health නම් වූ සඟරාව වෙනුවෙන්. මෙලෙස නිරුවත් ඡායාරූප පලකිරීම තුලින් ඔවුන් පවසන්නේ කාන්තාවකගේ ශරීරය කුමන තත්වයක පැවතියත් සෞඛ්‍ය සම්පන්නයි නම් එම සිරුර අලංකාර බවයි. එංගලන්ත රගර් ක්‍රීඩිකාවන් වන Claire Allan, Danielle Waterman, Michaela Read More

සැප සම්පත් එපා කියා හිස මුඩුගෑ යුවතිය

බුදු රජාණන්වහන්සේ , ගිහි ගෙය අතැර මහණ වූවනට හිස මුඩු කරන ලෙස දෙසා වදාළේ කාරණා කිහිපයක් නිසාය. හිස කෙස් ඇතිවිට එය සේදිය යුතුය, සුවඳ ගැල්විය යුතුය, උකුණන් ආදීන්ගෙන් රැක ගත යුතුය. හිස කෙස් හැලෙන විට හෝ සුදු වනවිට දුක් විය යුතුය. හිස කෙස් නැතිවිට මේ කිසිදු හිරිහැරයක් දුකක් නැතිනිසා උන්වහන්සේ මහණුන්ට මේ ලෙස හිස මුඩු Read More

බොරැලැස්ගමුවේ වෙඩිතැබීමක්

බොරලැස්ගමුව, කටුවාවල පන්සල අසළදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අදාළ පුද්ගලයා යතුරුපැදියකින් යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වන පුද්ගලයෙකු බව සඳහන්ය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

t

o

p