මැතිසබය හදීසියේ රැස්වෙයි

April 26, 2017

කුණු ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම වෙනුවෙන් හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් මෙම 28 දා පැවැත්වීමට නියමිතය.
මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා විසින් කුණු ඉවත් කිරීම අත්‍යවශ්‍ය සේවයක් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ පසු දින 10 ක් ඇතුළත පාර්ලිමේන්තුව රැස්වී එය අනුමත කළ යුතුය. එසේ නොකළහොත් එම ගැසට් නිවේදනය අවලංගු වනු ඇත.
මේ නිසා පාර්ලිමේන්තුව 28 දා රැස්වෙන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන්ගේ රැස්වීමක්ද හෙට (26) පෙරවරුවේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.
මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් පසු ඉන් අසරණ වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතය. ගැසට් පත්‍රය අනුමත කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විවාදය කැඳවීමට පක්ෂ නායකයන් තීරණය කළහොත් එම විවාදයද පැවැත්විය හැකි බවද පාර්ලිමේන්තු ප්‍රකාශකයකු පැවැසීය.

t

o

p