Special News

පාද යාත්‍රාව අවසානය කොතනද බුද්ධි අංශ පවා නොදනි

ජන සටන පාද යාත්‍රාවේ අවසන් රැළිය පවත්වන්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳව සොයා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය අසමත්ව ඇතැයි දැනගන්නට තිබේ. පාද යාත්‍රාව අවසන් කරන ස්ථානය සොයා ගැනිම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැඩි වෙහෙසක් ගත්තද අද (01) දහවල් වන විටත් ඔවුන්ට එය සොයා ගැනිමට නොහැකි වී ඇත. ඔවුන් අනුමාන කරමින් වාර්තාවක් රජයට බාර දී ඇත්තේ ජන Read More

ජැකලින්ට රජයෙන් තනතුරක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය තම සන්නාම තානාපතිවරිය වශයෙන් බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ගිවිසුමකට එළඹ තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් මහතා සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අතර ඊට අදාළ ගිවිසුමට මුම්බායිහිදී පසුගියදා අත්සන් තැබූ බව වාර්තා වෙයි. මහේල ජයවර්ධන සහ කුමාර සංගක්කාර ද ශ්‍රී ලංකා ගුවන් සේවයේ සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කරයි.

හත් පොලේ ගා ගත් අධ්‍යාපනය

එකිනෙතා තලා පෙලා, විනාශකරදමා, බලය තහවුුරුකර ගැනීම සදහා දේශපාලඥයා – දේශපාලඥයාට එරෙහිවද, සත්‍යලේඛන – කූඨ ලේඛනයෙන් වැසීයාමෙන්, දරුවා පාසලට ඇතුලත් කර නොගැනීම හෝ මූල්‍ය අවභාවිතය නිසා ගුරුවරයා, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් ජාවාරම්කාර විදුහල්පතිවරයාට එරෙහිවද, ත්‍ක්‍ෂෘ , රහස් පොලිසිය, අධ්‍යාපන අමාත්‍යංශය, අල්ලස් කොමිසම සහ මානව හිමිකම් කොමිසමට යති. පැමිණිලි කරති. පෙත්සම් ලියති. පෙත්සම් ඉදිරිපත් කරති. සාධාරණයක් Read More

දුම්රිය බම්බු ගේට්ටුකරුවන් වර්ජනයක

තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබීම හේතුවෙන් අද(31) පෙරවරු 6.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කළ බව අනාරක්ෂිත දුම්රිය බම්බු ගේට්ටුකරුවන්ගේ සංගමය පවසයි. මීට පෙර රුපියල් 5000 ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද ඊට නිසි පිළිතුරු නොලැබීම මෙම වර්ජනයට හේතුව බව එහි සභාපති ඒ.ඒ.පී. ප්‍රේමලාල් මහතා සඳහන් කරයි.

ඇමතිගේ ප්‍රමාදයට ජනතාවගෙන් විරෝධයක්

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ,බණ්ඩාරනායක විද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයකට පැමිණි දෙමාපියන් පිරිසක් නියමිත වේලාවට අමාත්‍යවරයා නොපැමිණීම හේතුවෙන් ඊයේ(30) එම උත්සවයේ සංවිධායකවරුන්ට සිය අප්‍රසාදය පළ කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ අක්ෂි දුර්වලතා ඇති පාසල් දරුවන් සඳහා නොමිලේ ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් ඊයේ පෙරවරු 10 ට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට Read More

රාජ්‍ය නිලධාරීන්ට මෝටර් රථ

රාජ්‍ය නිලධාරීන් සඳහා සහනදායී පදනම මත මෝටර් රථ ලබාදීමේ යෝජනා ක්‍රමය සංශෝධන සහිතව යළි ක්‍රියාත්ම කිරීමට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ සහනදායී පදනම මත ලබාදෙන මෝටර් රථ බලපත්‍රයේ වටිනාකම අමෙරිකානු ඩොලර් 30,000ක් වන අතර ඒ සඳහා සියයට 50ක බදු සහනයක් හිමිවන බවයි. Read More

රාජ්‍ය දේපළ අවභාවිත කළ කටුනායක නිදහස් සේවක සංගමයේ සභාපති අත්අඩංගුවට

කටුනායක ගුවන් තොටුපොළේ නිදහස් සේවක සංගමයේ සභාපතිවන වර්ණසිරි මුහන්දිරම් මහතා වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනා යටතේ ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව ඈත. ගුවන්තොටුපොළේ දොඹකරයක් හා වෑන් රථයක් නීති විරෝධී අයුරින් පාද යාත්‍රාවට යොදා ගැනීමේ චෝදනා සභාපතිවරයාට එල්ල වී තිබේ. ඔහු වරකාපොළ ප්‍රා දේශීය දභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද වෙයි. හිටපු අමාත්‍ය ධර්මසිරි Read More

ජපානයෙන් බිලියන 14ක ණයක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා යෙන් බිලියන 10ක (රුපියල් බිලියන 14.20) ණය ආධාර මුදලක් ලබාදීමට ජපන් රජය තීරණය කරයි. වසර 25කින් ගෙවා නිම කළ යුතු මෙම ණය ගෙවීම් සඳහා වසර හතක සහන කාලයකි. වාර්ෂික පොළිය සියයට 1.4කි.

පාද යාත්‍රාවෙන් බණ්ඩාරනායක සමාධියට ගෞරව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සමාධියට ගල් ගසයි යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සිතීම වැරදි සහගත බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අසළට ළඟා වූ අවස්ථාවේදීය. හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අසළින් පාද යාත්‍රාව ගමන් කරද්දී Read More

අගමැති හෙට ඉන්දුනීසියා යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට(01) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව ඈත. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. ලෝක ඉස්ලාම් ආර්ථික සංසදය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සමුළුවට සහභාගී වන බව සඳහන්ය. ලබන Read More

t

o

p