වැල්ලවත්ත ඛේදවාචකයෙන් අසරණ වූ පුද්ගලයින්ට යුක්තිය ඉටු උනේ නැහැ

June 1, 2017

අනවසර ඉදිකිරීම්වලට එරෙහිව නැගී සිටින ජනතා ව්‍යාපාරයක් රටට අවශ්‍යයි. මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව ප‍්‍රකාශ කළේ වැල්ලවත්ත අනවසර ගොඩනැගිල්ල කඩා වැටීම සම්බන්ධව පසු විපරමකින් පසු සිදුකළ විශේෂ ප‍්‍රකාශයක දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කණගාටුවෙන් ප‍්‍රකාශ කරනවා වැල්ලවත්ත ඛේදවාචකයේ වගකිව යුතු පුද්ගලයා ඉතාම සුළු කාලයක් ඇතුළත, ඔහු කිසිම හිරගෙදරක ලගින්නේ නොමැතිව ඇප ලැබුණා. මේ පිළිබඳව ඇත්තටම කණගාටුවෙනවා. මන්ද මියගිය පුද්ගලයන් ඉතාම අසරණ මිනිසුන්. එම අසරණ පුද්ගලයින්ට යුක්තිය ඉටු උනේ නැහැ. ඒනිසා අධිකරණය ඇතුළු සියලූ ක්‍ෂෙත‍්‍රවලට කියන්නේ මේ පාරිසරික ව්‍යසනයන් අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් යුක්ති සහගත වෙන්න ජනතාවට. හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න ජනතාව වෙනුවෙන් අප ඉල්ලා සිටින බව ද පැවසීය.

මේ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් හැමදේටම උද්ඝෝෂණය කරන, බොරු වීරයන් බවට පත්වෙන්න වෙර දරණ අයට මේවැනි අසාධාරණ  කි‍්‍රයාවන් සම්බන්ධයෙන්ද ඉදිරිපත් විය යුතුයි. විශේෂයෙන්ම අනවසර ඉදිකිරීම් අනවසර ආකාරයෙන් ජලමාර්ග අවහිර කිරීම්වලට එරෙහිව නැගී සිටින ජනතා ව්‍යාපාරයක් රටට අවශ්‍යයි.  ඒ වගේම නීතිවිරෝධි කඳු එළි පෙහෙලි කිරීම්, නීති විරෝධි ජනාවාස ඉදිකිරීම කරන අය මතක තබා ගත යුතුයි, මේ සියළු දෙනාම ජීවත් වන්නේ තමා ගොඩ නගාගත් සොහෝනේ බවද, වැඩිදුරටත් සඳහන් කළේ ය.

t

o

p