හානි වූ නිවාස හා ව්‍යාපාර වලට ලක්ෂ 20ක රක්ෂණ වන්දියක්

June 1, 2017

ගංවතුර ව්‍යසනයෙන් විනාශයට පත් නිවාස හා වෙළෙද ව්‍යාපාර වෙනුවෙන් රුපියල් ලක්ෂ 20 ක උපරිමය තෙක් වන රක්ෂණයක් ගෙවීමට රජය තීරණය කර සිටියි.
ඉහත රක්ෂණාවරනය හිමිවන්නේ යහපාලන රජය බලයට පත් වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ තීරණයකට අනුව මුළු රටටම බලපැවැත්වෙන ලෙස ගත් රක්ෂණ ආවරණය මගිනි.
ශ්‍රී ලංකාවම ආවරණය වන ලෙස ගත් මෙම රක්ෂණය මගින් ස්වභාවික ව්‍යසනයකදී නිවාසයකට හා ව්‍යාපාරික ස්ථානයකට වන හානියකට රුපියල් ලක්ෂ 20 ක උපරිමයකට වන අලාභයක් ගැනීමට අවකාශ හිමිවේ.

t

o

p