මහ වැස්සෙන් මරණ 151යි

May 28, 2017

දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපෑ ගංවතුර හා නාය යෑම්වලින් මියගිය සංඛ්‍යාව අද (28) සවස වන විට 151 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර 111 දෙනක් තවමත් අතුරුදන් වී සිටිති. මෙම ආපදාවලින් තුවාල වූ සංඛ්‍යාව 95 ක් වන අතර පවුල් එක්ලක්ෂ දොළොස් දහස් පන්සිය හැටපහකට අයත් හාරලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්වී සිටිති.
වැසි ආපදාවලින් උන්හිටි තැන් අහිමි වූ තවත් පවුල් 24735 කට අයත් එක්ලක්ෂ දෙදහස් දෙසිය දහඅට දෙනෙක් සහන මධ්‍යස්ථාන 337 ක රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

t

o

p