කුකුළේගඟ වර්ෂාපතනය කීවානම් හානිය අවමයි – අගමැති රනිල් වික්‍රමසිංහ

May 28, 2017

කුකුළේගඟ වර්ෂාපතන තත්ත්වය මිලිමීටර 150 වන විට අනතුරු ඇඟවීම් නිකුත් කළේ නම් ඒ ප්‍රදේශ ආශ්‍රිත ආපදා තත්ත්වය අවම කර ගැනීමට හැකියාව ලැබෙන්නට ඉඩ තිබූ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
එහෙත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ කුකුළේගඟ ප්‍රදේශයේ වර්ෂාපතන තත්ත්වය මිලිමීටර් 500 ඉක්මවන විටදී බවද අගමැතිවරයා පෙන්වා දී ඇත.
වැසි ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමේ කටයුතු සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු අනාවරණය කර ඇත.
ඊට අමතරව තම තමන්ගේ බල ප්‍රදේශවලට ගොස් එම ප්‍රදේශ වැසි ආපදාවන්ට ලක්වී ඇත්දැයි සොයා බලන ලෙසද අගමැතිවරයා මෙහිදී ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ.

t

o

p