රටේ ජාතිවාදි හා අන්තවාදී ප්‍රවණතා හිස ඔසවා තිබුණත් රජයෙන් කිසි පියවරක් ගෙන නෑ

May 24, 2017

රටපුරා ජාතිවාදි හා අන්තවාදි ප්‍රවණතා යළි හිස ඔසවමින් තිබියද ආණ්ඩුව ඊට එරෙහිව මෙතෙක් ප්‍රමාණවත් පියවරක් ගෙන නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි අද (24) ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මෙසේද කීය.
මේ වන විට වාර්තා වන විවිධ සිදුවීම් මගින් රට පුරා ජාතිවාදි හා අන්තවාදී ප්‍රවණතා නැවත වරක් හිස ඔසවමින් ඇති බව පෙනෙන්නට තිබෙනවා. සිංහල හා මුස්ලිම් ජනතාව අතර ජාතිවාදී ගැටුම් ඇවිළවීමේ උත්සාහයක් ඇති බව හදුනාගත හැකියි. විශේෂයෙන් ජාතිවාදි හා ආගම්වාදී පදනම මත දේපළවලට පහරදීමේ සහ ගිනි තැබිමේ සිදුවිම් ගණනාවක් පසුගිය දින කිහිපයේ වාර්තා වුණා.
ජාතිවාදය කුමන ස්වරූපයකින් මතු වුවද කුමන පාර්ශවයකින් ඉදිරිපත් වුවද රටේ ජාතික සමගියට, සංහිදායවව අතිශය හානිකරයි. විශේෂයෙන් අවුරුදු 30 කට වැඩි කාලයක් ජාතිවාදි යුද්ධයකින් බැට කෑ රටක් ලෙස, ඉතා අසීරුවෙන් ගොනැගෙමින් ඇති ජාතික සමගියට මෙවැනි සිදුවිම් බරපතල බාධාවක් ඇති කරනවා.
කෙසේ නමුත් මෙවැනි තත්ත්වයක් වර්ධනය වෙද්දී ආණ්ඩුවේ පාර්ශවයෙන් එම තත්ත්වයෙන් නිසි බරින් හදුනාගැනීමක් හෝ එවැනි තත්ත්වයන්ට එරෙහිව ක්‍රියාත්මකවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව මෙවැනි ජාතිවාදි ප්‍රවණාතවලට ඉඩ සලසන පරිසරයක් නඩත්තු කිරීමද මෙම තත්ත්වය තීව්‍ර කර තිබෙනවා. නිදසුනක් ලෙස විල්පත්තු ප්‍රදේශයේ වන විනාශයට හා ඉඩම් ගැටලූවට විසදුම් ලබාදීමට හෝ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුවිම සම්බන්ධයෙන් මැදිහත්වීමට හෝ මුස්ලිම් ජනතාවගේ කඩසාප්පුවලට පහරකීම් සොයාබැලීමට ආණ්ඩුව මෙතෙක් ප්‍රමාණවත් පියවර ගෙන නැහැ.
දෙතුන් පැත්තේම සිටින අන්තවාදීන් සුළු පිරිසකගේ පටු අවශ්‍යතා වෙනුවෙන් දිගහැරුණු මෙවැනි සිදුවිම්වලින් ලාංකේය දේහය ඇති කරම් බැටකා තිබෙනවා. ඔවුන් පටු වාසි ලබද්දී සමාජයක් ලෙස අපි ලේ හා කදුළුවලින් බරපතල වන්දි ගෙවා තිබෙනවා. පසුගිය කාලයේ අලූත්ගම වැනි ප්‍රදේශයකින් පුපුරා ගියේද මෙලෙස ක්‍රමිකව වර්ධනය වූ තත්ත්වයක් බව කිසිවෙකුටත් අමතක කළ නොහැකියි.
මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.
විල්පත්තු වන විනාශය සහ ඉඩම් ගැටලූ සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලූකාරි තත්ත්වය විසදීමට ගෙන ඇති පියවර කවරේද, නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුව තිබේද? ඒවා ආරක්ෂා කිරිමට ගෙන ඇති පියවර කවරේද, ආසන්න කාලයේ ජාතිවාදි හා ආගම්වාදි පදනම මත ආගමික ස්ථාන, වෙළෙද සැල් ඇතුළු ස්ථාන කොපමණ සංඛ්‍යාවකට පහරදිම් සිදුවී තිබේදඣී ඒවා නතර කිරිමට ගන්නා පියවර කුමක්ද, වර්ධනය වෙමින් ඇති ජාතිවාදි හා ආගම්වාදි ප්‍රචාරණයන් හා ක්‍රියාකාරකම් නතර කිරිමට ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද

t

o

p