Special News

මඟුල් ගෙදර කෑම විෂවී 13දෙනෙකු රෝහල් ගත කරයි…..

බගවන්තලාව මෝරා වතුයායේ පෙරේදා (13) පැවති විවාහ මංගල උත්සවයක ඉතිරිවු ආහාර ඊයේ (14) උදෑසන අනුභව කළ දහතුන්දෙනෙකු බගවන්තලාව ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ බව බගවන්තලාව පොලිසිය පවසයි. පෙරේදා (13) රාති‍්‍ර එම විවහා මංගල උත්සවයේදි ලබා දුන් බත්, කුකුල් මස්, පරිප්පු ඇතුලූ  තවත් ව්‍යංජන ගණනාවක් ඉතිරිවී ඇති අතර එම ආහාර ඊයේ උදෑසන ආහාරයට ගත් පිරිසෙන් වැඩිහිටි පිරිමින් Read More

වසර 17 කට පසු ශ්‍රී ලංකාව ලබාගත් ක්‍රිකට් ජයග්‍රහණය

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව සමඟ  “වෝන් – මුරලි” කුසලානය සඳහා පැවැති ටෙස්ට් ක්‍රිකට් කරඟාවලිය තරඟ දෙකක් ජයග්‍රහණය කිරිම හේතුවෙන් ශූරයන් බවට පත්ව ඇත. එය ක්‍රිකට්වලට බෙහෙවින් ආදරය කරන ක්‍රිකට් ලෝලීන්ගේ ප්‍රමෝදයට හේතුවක් වනු නිසැක ය. එයට හේතුව වන්නේ පසුගිය කාලපරිච්ඡේදය පුරාම ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම පසුබෑමකට ලක්වීම ය. විශේෂයෙන්ම 1996 ලෝක ක්‍රිකට් ශුරතාවය දිනාගැනීමෙන් Read More

නෝර්වීජියාවෙන් තාක්ෂණික ආධාර

මෙරට ජල විදුලි නිෂ්පාදනය, ධීවර කර්මාන්තය සහ තොරතුරු තාක්ෂණය දියුණු කිරීම සඳහා තාක්ෂණික ආධාර ලබාගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ඉල්ලීමට නෝර්විජියානු අගමැතිනිය එකඟතාවය පළකර ඇත. සංචාරයක් සඳහා මෙරටට පැමිණි නොර්වේජියානු අගමැතිනි එර්නා සෝර්බර්ග් (Erna Solberg) මහත්මිය සහ නියෝජිත පිරිස පසුගිය 12වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළකර තිබේ. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි Read More

අත්ල ඇගිලි සහ ඇගිලි පුරුක් අනුව වාසනාව හදුනා ගනිමු.

දේහ ලක්ෂණ විද්‍යාව අනුව අතේ රේඛාවන්ට අමතරව අතේ ඇති ඇගිලි පුරුක් අනුවද චරිත ලක්ෂණ ප්‍රකාශ කළ හැකිය. සාමාන්‍යයෙන් අතක ඇගිලි අතර පුරුක් ඇත්තේ 14 ක් පමණි. ඇගිලි අතර පුරුක් වැඩි වී සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිවී ඇත්නම් ඒ පුද්ගලයා කෙසේ හෝ තමන්ගේ උත්සාහයෙන් නැගී සිටින අයෙකි. එසේම කාන්තාවකගේ අතක ඇගිලිවල වැඩිපුර පුරුක් පිහිටා ඇත්නම් එවන් චරිත Read More

ධනංජය මංගල ටෙස්ට් ශතකය ලබා ගනී

සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිිතිකරු ධනංජය ද සිල්වා සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය. පළමු දිනය නිමා වන විටදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 5 ක් දැවී ලකුණු 215 ක් ලබා සිටියි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ධනංජය ද සිල්වා ලකුණු 116 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු Read More

පෙල්ප්ස් සමුගැනීම ප්‍රකාශ කරයි

ඇමෙරිකානු පිහිනුම් ශූර මයිකල් පෙල්ප්ස් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. රියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 සමනල ආර ඉසව්වේ අද පැවති තරගයෙන් පරාජයට පත් වීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දිවයින අවට මුහුදේ තද සුළං

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල පැ.කි.මී.60-70 පමණ දක්වා විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අගෝස්තු මස 13 වැනිදා (අද) දහවල් 12.00 සිට ඉදිරි පැය 24 දක්වා වූ තද සුළ පිළිබඳ කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම සිදුකරයි.

තායිලන්තයේ බෝම්බ ප්‍රහාර

තායිලන්තය තුළ ජීවිත හතරක් බිලි ගනිමින් සිදුවූ බෝම්බ පිපිරීම්වලට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට පොලීසිය පවසයි. සංචාරක නගර ලෙස ප්‍රසිද්ධියක් උසුලන හුවා හින්, පෝකට් සහ සහ තවත් ස්ථාන කිහිපයක මෙසේ පිපිරීම් සිදුව ඇති බවත් ප්‍රහාර වල වගකීම කිසිවකු බාරගෙන නොමැති බවත් වාර්තා වේ.

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය හෙට දිවයිනට

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය නිල සංචාරයක් සඳහා හෙට(14) දිවයිනට පැමිණීමට නියමිතය.  කෝවා මහත්මිය යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ධූරයට පත්වීමෙන් අනතුරුව මෙරට සිදු කරන පළමු සංචාරය මෙය බව වාර්තා වෙයි.‍ මෙම සංචාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

හාරිස්පත්තුව, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ වලට අද රාත්‍රී 07.00 සිට හෙට(14) පෙරවරු 07.00දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. කහල්ල, කහවත්ත, අකුරණ, කුරුගොඩ, තෙලඹුගහවත්ත, හාරිස්පත්තුව, ගොහාගොඩ, නුගවෙල, බරිගම, රජපිහිල්ල, හෑදෙණිය, මැදවල හා පූජාපිටිය යන ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව එම Read More

t

o

p