මෛත්‍රී හා මෝදි හදීසි දුරකතන සංවාදයක

October 18, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (17) පස්වරුවේ දුරකථන සංවාදයකට එක් විය.
මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර,  ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබදව ද එහිදී සාකච්ඡාවට බදුන් විය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී  සදහන් කළේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සුහදශීලිභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ද නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී සදහන් කළ අතර,  අසල්වාසී සහෝදර රාජ්‍යයන් සමග මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් සමග වඩා මිත්‍රශීලි සහ සමීප සබදතාවයන් ගොඩනගා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙල පිළිබදව ද සතුට පළ කළේය.
සමීප මිතුරෙකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව නිරන්තරයෙන් ලබාදෙන සහය මෙහිදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විශේෂ ඇගැයීමට ලක් කෙරිණි.

t

o

p