ජනපති ඝාතනය කුමන්ත්‍රණය ගැන ඉන්දීය ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඇසීමට අගමැති තීරණය කරයි

October 17, 2018

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දිය රජයේ ඉහළ ආරක්ෂක ප්‍රධානින් සමඟ සාකච්ඡා කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඝාතනය කිරිමට රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට කළ ඉහත ප්‍රකාශය ගැන ඉන්දිය ආරක්ෂක ප්‍රධානින් සමඟ සාකච්ඡා කිරිමට අගමැතිවරයා තිරණය කර ඇත්තේ අනිද්දායින් (19) ඇරඹෙන ඒ මහතාගේ ඉන්දීය සංචාරයේදීය.
තමා ඝාතනය කිරිමට රෝ ඔත්තු සේවය කටයුතු කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදි ප්‍රකාශ කළ බවට ද හින්දු පුවත්පත අනාවරණය කළේය.
ද හින්දු පුවත් පත පළ කළ පුවතට ශ්‍රී ලංකාවේ මාධ්‍යයද ඉතා ඉහළ ප්‍රචාරයක් දුන්නේය. ශ්‍රී ලංකා ජනාධිපති ඝාතනය කිරිමට රෝ ඔත්තු සේවයේ කුමන්ත්‍රණයක් තිබේදැයි ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් සමඟ සෘජුව කතා කිරිමට අවස්ථාව දෙන ලෙස ද අගමැතිවරයා ඉන්දිය රජයෙන් ඉල්ලිමක් කර තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

t

o

p