Special News

මහ බැංකු බදුම්කර සිද්ධිය පිළිබඳ වාර්තාවේ පිටපත් සියලූ මන්ත්‍රීවරුන්ට ලබාදෙනවා

මහ බැංකු බදුම්කර සිද්ධියට අදාළව විගණකාධිපතිවරයා විසින් සංවේදි තොරතුරු ඇතුළත්ව තමාට බාරදුන් සවිස්තර වාර්තාවේ පිටපත් සියලූ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය. එම වාර්තාව ඉදිරිපත් කිරිම සඳහා මහ බැංකු අධිපතිවරයාගේ අවසරය ලද බවද කතානායකවරයා වැඩිදුරටත් කීවේය. සිද්ධිය සම්බන්ධයෙන් සංක්ෂිප්ත වාර්තාවක් කෝප් කමිටුවටත්, සංවේදි තොරතුරු ඇතුළත් පිටු 1251 ක විශේෂ Read More

මහ බැංකුවේ බැදුම්කර වංචාවක් වුණාද ? වාර්තාව ඔක්තෝම්බර් මාසයේ

මහ බැංකුවේ වූ බව කියන බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන වාර්තාව ඔක්තෝම්බර් මස 13 ට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බව පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ඊයේ (07) ප්‍රකාශ කළේය. කිසිදු බාධාවකට බලපෑමකට කෝප් කමිටුව යටත් වන්නේ නැතැයි කී සුනිල් හදුන්නෙත්ති මහතා මහ බැංකු බදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සභාවට ඉදිරිපත් Read More

රාජ්‍ය ආයතන පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කරනවා

රාජ්‍ය ආයතන 4 ක් පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කොට පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා හොස්පිටලිස් සමාගම, හිල්ටන් හෝටල් සමාගම සහ හයට් රිජන්සි සමාගම යන ආයතන හතර මෙලෙස පුද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරිමට රජය තීරණය කර ඇතැයද ඒ මහතා වැඩිදුරටත් කීවේය. Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ වසර අවසන්වීමට ප්‍රථම

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම වෙනුවෙන් ස්ථාපිත කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු වාර්තාව මෙම වසර අවසන්වීමට ප්‍රථම රටට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය. අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වාර්තාව ඉදිරිපත් කිරිමට හැකියාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන්නේයැයිද අගමැතිවරයා කීවේය. මෙම වාර්තාව Read More

මම සයිටම් අහෝසි නොකරමි – කිරිඇල්ල කියයි

රජය කිසිසේත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) අහෝසි කිරිමට කටයුතු නොකරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය. වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිමට රජය කටයුතු කළහොත් ආණ්ඩුවට උසාවි යාමට පවා සිදුවන බවද ඇමතිවරයා සඳහන් කළේය රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් එය පාලනය කිරිමට බලපොරොත්තු වන බවද ඇමතිවරයා Read More

වැට් බදු පනත් කෙටුම්පත අය වැය යෝජනා සමඟ පාර්ලිමේන්තුවට

එකතු කළ අගය මත බදු සංශෝධන හෙවත් වැට් බදු පනත් කෙටුම්පත අය වැය යෝජනා සමඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ආණ්ඩුව තීරණය කර ඇත. වැට් බදු පනත් කෙටුම්පත මගින් 11% ක් වූ බදු අය කිරිම 15% දක්වා වැඩි කිරිමට යෝජනා කර තිබු අතර ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනය අනුව පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය කටයුතු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව Read More

පැරිස් සම්මුතිය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා රජය අත්සන් කරන ලද එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය හෙවත් පැරිස් සම්මුතියට සභාවේ අනුමැතිය ලබා ගැනිම සඳහා හෙට (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පක්ෂ නායකයෝ තීරණය කර ඇත. දේශගුණික විපර්යාස වෙනුවෙන් වන මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය විවාදයට ගෙන අනුමත කර ගැනිම සඳහා එදිනට විවාදයට ගැනිමට නියමිතය තිබු පෞද්ගලික මන්ත්‍රී යෝජනා අත්හිටුවිමටද පක්ෂ නායකයෝ Read More

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව අද

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. පළාත් පාලන මැතිවරණය පැවති 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේ සිදු වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ. එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට ශිරාන් ගුණරත්න, පද්මිනි එන්. රණවක සහ Read More

නව පරපුරට ශ්‍රීපනිපයේ ප්‍රමුඛතාවය

ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නව පරපුරට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එමෙන්ම ජනතාවට විශ්වාසී මෙන්ම පොදු  ජන හදගැස්ම හඳුනන ජනතාවාදී පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගමින් ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණය කරවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් Read More

මැලේසියාවේ සිද්ධිය උතුරේ ජනතාව සමඟ සම්බන්ධ කර ගත යුතු නැහැ

මැලේසියාවේ ඇති වූ සිද්ධිය උතුරේ ජනතාව සමඟ සම්බන්ධ කර ගත යුතු නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය. මෙම ප්‍රහාරය හෙළා දකින අතර සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමගිය නැති කිරිමට ගෙන යන මෙවැනි ව්‍යාපාරයන්ට එරෙහිව රජය කටයුතු කළ යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය. මැලෙසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාට කල Read More

t

o

p