Special News

රාජ්‍ය සේවක වැටුප් වැඩි වේ. වාහන ගාස්තු ඉහළට. ලක්ෂ 10 ක් ගෙවිමෙන් වහන අංක තහඩුවට තම නම

රාජ්‍ය සේවක වැටුපට 2019 ජුලි 01 දා සිට 2500 ක දිමනාවක් ලබා දෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙම වසරේ අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට අද (05) දැනුම් දුන්නේය. මුදල් ඇමති මංගල සමරවිර මහතාගේ දෙවන අය වැය ලේඛනය හා එක්සත් ජාතික පක්ෂ රජයේ පළමු අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූවේ අද පස්වරුවේය. Read More

මංගලගේ 2019 අය වැය අද සවස ඉදිරිපත් කෙරේ

විසර්ජන පනත හෙවත් 2019 වර්ෂය සදහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වත්මන් රජයේ පස්වන අයවැය වන මෙය ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සකස් වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. අයවැය යෝජනාව පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර අද (05) පෙරවරුවේ Read More

ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු බවට යෝජනා

ඉන්දියාවත් පකිස්ථානයත් අතර හට ගැනිමට ගිය යුද්ධ තත්ත්වය කඩිනමින් විසදා ගැනිම හේතුවෙන් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හට මේ වසරේ නොබෙල් සාමත ත්‍යාගය හිමිවිය යුතු බවට එ‍රට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත. අගමැති ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බවට යෝජනාව ඉකුත් 02 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ සන්නිවේදන කටයුතු පිළිබ’ද ඇමති ෆාවද් චෞද්‍රි විසිනි. පාකිස්ථානයේ Read More

ඉන්දු පකිස්ථාන් ගැටුම් තව දුරටත් පුද්ගලයින් 7 ක් මරුට

කාෂ්මීර ප්‍රදේශයේ ඉන්දු පාකිස්ථාන ආරක්ෂක අංශ අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ. පාකිස්ථාන අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමෙන් අනතුරුව ගත වූ කාලය තුළ මෙම ගැටුම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. කාෂ්මීර ප්‍රාන්තයේ ඉන්දීය පාලන ප්‍රදේශයට Read More

පැරණි සිද්ධස්ථානවලට නයා එන්නේ ඇයි?

කලකට පෙර බියගම සියඹලාපේ මංසන්ධිය අද්දර වූ වගුරු බිම වෙත බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. මුල් දිනවල උදේටත් සවසටත් කිහිප දෙනා මෙම වගුරු බිම වෙත බැලුම් හෙළන්නට වූ අතර එය සිය ගණනක් දක්වා වැඩිවුණේය. ඒ පිළිබඳ විමසා බලද්දී මට දැනගන්නට ලැබුණේ වගුරුබිමේ වනරොද අතරින් රිදී පැහැති නාගයකු පැමිණෙනු දර්ශනය වන බවයි. හිමිදිරියේ සහ සන්ධ්‍යා කාලයේ මෙම Read More

කොකේන් සමග ඇල්ලු කතුන් ඇතුළු පිරිස 8 දක්වා රිමාන්ඩ්

මාතර පොල්හේන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක නවාතැන්ගෙන සිටි පිරිසක් අතරින් කොකේන් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සන්තකයේ තබාගෙන සිටි  කාන්තාවන් තිදෙනෙක් සහ පිරමි පුද්ලයන් 14දෙනෙකු අද (04) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මෙම මස 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මාතර කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අද දහවල් 12ට Read More

අය වැය හෙට (05) මුදල් ඇමති ලේකම් සමග පෙර සාකච්ඡාවක

දෙදහස් දහනවය වසරේ අය වැය ලේඛනය හෙට (05) පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. පාර්ලිමේන්තු කටයුතු හෙට පස්වරු 2.00 ට කතානායක කරු ජයසූරිය මහතා ගේ මූලාසනයෙන් ආරම්භ වන අතර විසර්ජන පනත හෙවත් අය වැය ලේඛනය මුදල් අමාත්‍යවරයා විසින් ඉන් අනතුරු ඉදිරිපත් කිරිමට නියමිතය. අප්‍රේල් මස 05 දා දක්වා අය වැය Read More

යොවුන් පරපුරා රටපුරා නව තොරතුරු තාක්ෂණ උද්‍යාන 332 ක් – සජිත්

මඩකලපුව දිස්ත්‍රික්කයේ පොරතිව්පත්තු හි ඉදි වූ “මාණික්ක නගර්” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදී නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ කතාව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘකිත කටයුතු අමාත්‍යංශය ලෙස අද අප රට පුරා ඉලක්ක සහිත පැහැදිලි, ශීඝ්‍රගාමී නිවාස සංවර්ධනයක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ මූලික ඉලක්කය වන්නේ වසර 2025 දී රටේ ‘සැමට සෙවණ’ Read More

විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ දේශපාලනික මාෆියාවට එරෙහි විය යුතුයි

විදුලි බල ක්‍ෂෙත‍්‍රයේ කි‍්‍රයාත්මක ව්‍යාපාරික,දේශපාලනික මාෆියාවට එරෙහිව කි‍්‍රයාත්මක විය යුතුයයි  ඇමති චම්පික රණවක මහතා පැවසීය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ, ලෝක පුනර්ජනනීය බලශක්ති සම්මේලනයේ 19 වන සමුළුව ශ‍්‍රී ලංකාවේ හරිත කොළඹ නමින් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ සැසියකදී මාධ්‍යවේදීන් විසින් එල්.එන්.ජී. බලාගාරය පිළිබඳව විමසූ අවස්ථාවේදී ය. ලංකාවේ විදුලි Read More

රනිල් – මෛත්‍රි තිරුපති වන්දනා කරති

  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(03) පෙරවරුවේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි ඓතිහාසික තිරුපති කෝවිල වැඳ පුදාගත්තේය. කොළඹ සිට ගුවනින් චෙන්නායි නුවර බලා ගිය අග්‍රාමාත්‍යවරයා එතැන්සිට විශේෂ හෙලිකොප්ටර් යානයකින් තිරුපති ගුවන්තොටුපොළ බලා පැමිණියේය. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය එන්. අමරාන් රෙඩි  ප්‍රමුඛ ප්‍රාන්තයේ ඉහළම නිලධාරින් විසින් පිළිගත් බව ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා කර තිබිණි. Read More

t

o

p