රනිල් – මෛත්‍රි තිරුපති වන්දනා කරති

March 4, 2019

 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(03) පෙරවරුවේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි ඓතිහාසික තිරුපති කෝවිල වැඳ පුදාගත්තේය.

කොළඹ සිට ගුවනින් චෙන්නායි නුවර බලා ගිය අග්‍රාමාත්‍යවරයා එතැන්සිට විශේෂ හෙලිකොප්ටර් යානයකින් තිරුපති ගුවන්තොටුපොළ බලා පැමිණියේය.

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය එන්. අමරාන් රෙඩි  ප්‍රමුඛ ප්‍රාන්තයේ ඉහළම නිලධාරින් විසින් පිළිගත් බව ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා කර තිබිණි.

තිරුපති කෝවිල වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පිළිගනු ලැබුයේ එහි පාලක සභාවේ ප්‍රධානියකු වන අනිල් කුමාර්සිං ප්‍රමුඛ නිලධාරීන් විසිනි.

ඓතිහාසික තිරුපති කෝවිලට රාජ්‍යනායකයින් ඉටුකරන බරට බර පුජාවටද ශ්‍රීලංකා අග්‍රාමාත්‍යවරයා සහභාගීවිනැයි  ඉන්දීය පුවත් ඒජන්සි වැඩිදුරටත් වාර්තා කර තිබිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද තිරුපති වන්දනාවට සහභාගී වූවාය.

t

o

p