රාජ්‍ය සේවක වැටුප් වැඩි වේ. වාහන ගාස්තු ඉහළට. ලක්ෂ 10 ක් ගෙවිමෙන් වහන අංක තහඩුවට තම නම

March 5, 2019

රාජ්‍ය සේවක වැටුපට 2019 ජුලි 01 දා සිට 2500 ක දිමනාවක් ලබා දෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙම වසරේ අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට අද (05) දැනුම් දුන්නේය.

මුදල් ඇමති මංගල සමරවිර මහතාගේ දෙවන අය වැය ලේඛනය හා එක්සත් ජාතික පක්ෂ රජයේ පළමු අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූවේ අද පස්වරුවේය.

අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමතිවරයා සදහන් කළේ සියලූම ග්‍රාමීය පාසල් දරුවන්ට කිරි විදුරුවක් නොමිලේ ලබා දෙන බවය. මීට අමතරව දුම්රිය ස්ථානයන් හි පොදු වැසිකිළි ඉදි කරන අතර ඒවා නඩත්තු කිරිම පුද්ගලික අංශට පවරනු ලබයි.

හමුදා සෙබළුන්ට ලබා දෙන ගෙවල් කුලි දීමනාව 100% කින් ඉහළ දැමීමට ද යෝජනා කර ඇත. දුම්වැටි බදු ඉහළ දමමින් දුම්වැටියක මිල රුපියල් 5 කින් වැඩි කිරිමට යෝජනා කර ඇත. වාහන බදු සංශෝධනය කරන අතර ධරිතාවය 1500 cc හයිබ්‍රිඩ් වාහන ආනයන ගාස්තුව රුපියල් ලක්ෂ 5 කින් ඉහළ නංවා තිබේ. ධාරිතාවය 800 cc හයිබ්‍රිඩ් වාහන ආනයන ගාස්තුව රුපියල් 2500 කින් ඉහළ නංවා ඇත.

ගුවන් ගතවීමේ හා නැව්ගත වීමේ ගාස්තුව ඩොලර් 10 කින් ඉහළ නැංවිමට ද යෝජනා කර තිබේ. ගුවන් ගමන් බලපත්‍ර ගාස්තුව ඉහල නංවා ඇති අතර ගුවන් ගමන් බලපත්‍ර එක් දින ගාස්තුව රුපියල් 10000 සිට රුපියල් 15000 දක්වා ඉහළ නංවා තිබේ. සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 3000 සිට 3500 දක්වා ද ඉහළ නංවා ඇත.

වාහන අංක තහඩු ලබා ගැනිමේදි විශේෂිත අංක ලබා ගැනිමේ ගාස්තු ඉහළ නංවා ඇති අතර රුපියල් ලක්ෂ 10 ක් ගෙවා තම නමින් වාහන අංක තහඩුවක් මිලදී ගත හැකිය.

අධිවේගි මාර්ග ගාස්තුව අප්‍රේල් මස 01 දා සිට කාර්ය බහුල වේලාවන් හි දි ගමනාන්තයට රුපියල් 100 කින් ගාස්තු ඉහළ නැංවිමට ද යෝජනා කර තිබේ.

අලුත බැදපු තරුණ ජෝඩු සදහා අවුරුදු 25 කින් ගෙවෙන සියයට හයේ පොලියට රුපියල් මිලියනයක ණයක් ද ලබාදීමට යෝජනා කර ඇත. ආබාධිත දිමනාව රුපියල් 3000 සිට රුපියල් 5000 දක්වා වැඩි කෙරෙන අතර අඩු ආදායම්ලාභී පවුල් 75000 කට එම දිමනාව හිමිවේ.

t

o

p