අය වැය යෝජනා කෙටියෙන්

March 5, 2019

ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනා මෙසේය.

කුඩා ට්‍රක් රථ සඳහාවන නිෂ්පාදන බද්ද ඉවත් කෙරේ.රබර් වගාව දිරි ගැන්වීමට රුපියල් මිලියන 800 ක් වෙන්කෙරේ. ග්‍රාමීය පාසැල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදේ. වසර අවසන් වෙද්දී සෑම නිවසකටම වැසිකිලි ලබා දීමට රුපියල් බිලියන හතරක් වෙන් කෙරේ. බස් රථ නැවතුම්පොළවල්වලට නවීන තාක්ෂණයෙන් යුත් වැසිකිලි පද්ධති ලබා දේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට අඹේපුස්ස සහ වීරවිල රැඳවුම් මධ්‍යස්ථාන දෙකක්. අලුතෙන් විවාහවූවන්ට අඩු පොලී නිවාස ණය යෝජනා ක්‍රමයක්. වි⁣දේශගත ශ්‍රමිකයන්ට”සිහින මාළිගා” නමින් වසර දෙකක සහන කාලයක් සහිත නිවාස ණයක්. අපොස උසස් පෙළ විශෂ්ඨයින්ට මෙම වසරේ සිට රජයේ වියදමින් ඔක්ස්ෆර්ඩ්, හාවර්ඩ් ,⁣කේම්බුිජ් විශ්ව විද්‍යාලවලට ශිෂ්‍යත්ව. සරසවි වරම් අහිමි සිසුන්ට පොලී රහිත වසර දෙකක සහන කාලයක් සහිත රුපියල් ලක්ෂ 11 ක ණය මුදලක්, බේරේ වැව සංවර්ධනය කෙරේ. බොගම්බර සිර ගෙදර පොදු ස්ථානයක් කෙරේ   වසර 2023 වන විට රජයේ සියලු ගොඩනැග්ලි වි⁣ේශ්ෂ අවඔ්‍යතා ඇති අයට හිතකර ලෙස සැකසේ.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ගෙවල් කුලී දීමනාව සියයට සීයකින් වැඩි කෙරේ. කලානරුවන්ගේ කතෘභාගය අඛණ්ඩව ගෙවීමට කටයුතු කෙරේ  සූර්ය බලශක්ත්ය සඳහා සෑම ආගමික සිද්ධස්ථානයකටම රුපියල් ලක්ෂ තුන බැගින්.ලබා දේ.
දුම්වැටියක් රුපියල් 5.00 කින් සහ බීඩියක් සත පනහකින් ඉහළට. ගල් අරක්කු හැර දේශීය මත්පැන් මිළ ඊයේ රාත්‍රී  12 සිට ඉහළට.  ඒ අනූව  අනෙකුත් දේශීය අරක්කු ලීටරයක් රුපියල් 250කින්, දේශීයව නිෂ්පාදිතව්දේශීයමත්පැන ලීටරයක් රුපියල් 250කින් ,සීයට පහට අඩු බීර ලීටරයක් රුපියල් 300 කින්, සීයට පහට වැඩි බීර ලීටරයක් රුපියල්300 කින් සහ දේශීය වයින් ලීටරයක් රුපියල් 500කින් ඉහළ දැමේ.

මෝටර් රථ විශේෂ අංක තහඩු පළමු කාණ්ඩය රුපියල් පනස් දහසේ සිට හැත්තෑ දහස දක්වාද, දෙවැනි කාණ්ඩය රැපියල්  හැට දහසේ සිට අනූ දහස දක්වාද  තුන්වන කාණ්ඩය රුපියල් හැත්තෑ දහසේ සිට ලක්ෂය දක්වාද ඉහළ දැමෙන අතර නම සහිත අංක තහඩු සඳහා රුපියල් ලක්ෂ දහයක්ද අය කෙරේ.

ගුවන් ගමන් බලපත්‍ර එක්දින සේවාව රුපියල් දසදහසේ සිට පහළොස් දහස දක්වාද,සාමාන්‍ය සේවාව රුපියල් තුන්දහසේ සිටතන්දහස් පන්සීය දක්වාද වෙනස් කිරීමේ ගාස්තුව රුපියල් පන්සීයේ සිට දහස දක්වාද ඉහළ දැමේ.

ත්‍රී⁣රෝද රථ නිෂ්පාදන ගාස්තු රැපියල් 60000 කින්,පෙටුල් වාහන 800සීසී ට අඩු නිෂ්පාදන බදු රුපියල් 150000 කින් පෙට්‍රල් 1000සීසී අඩු 175000කින් සහ 1300 සීසී අඩු රුපියල් 500000කින් හයිබ්‍රිඩ් 1500 සීසී රුපියල් රුපියල් 500000කින්, හයිබ්‍රිඩ් 800 සීසී රුපියල් 250000 කින්, වැඩි කෙරේ. විදුලි වාහන (කිලෝ වොට් 70 ට අඩු) රුපියල් 175000 කින් අඩු කෙරේ.

රුජිනෝ හැර අනෙකුත් සූදු (කැසිනෝ)  වාර්ෂික බලපත්‍ර ගාස්තු රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි කෙරේ. රුජිනෝ සුදු ව්‍යාපාරය සදහා වාර්ෂික ගාස්තුව මිලියනය දක්වා සංශෝධනය කෙරේ.කැසිනේ සදහා ඇතුලත් වීමේ ගාස්තුව එක් පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් 50 දක්වා සංශෝධනය කෙරෙ.

කාර්ය බහුල වේලාවේ අධිවේගී මාර්ග ගාස්තුව රුපියල් 100කින් වැඩි කෙරේ.
මාධ්‍යවේදීන්ට මාධ්‍ය උපකරණ මිළසී ගැනීම සදහා පොලී රහිතව රුපියල් 300000ක් පළමුවද ඉන්පසු එම උපකරණ වැඩි දියුණු කර ගැනීම සදහා සියයට 6.93ක පොලී අනුපාතය යටතේ රුපියල් 150,000ක ණය මුදලක් ලබා දේ.

t

o

p