Special News

නියගයෙන් පීඩාවට පත්වූ කුඩා තේ වතු හිමියන්ට සහනාධාර ලබාදෙන්න

පවතින නියං සහිත තත්වයෙන් පීඩාවට පත්වූ කුඩා තේවතු හිමියන්ට සහනාධාර ලබාදීමට රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක් බවත්, වහාම ඔවුන්ට සහනාධාර ලබාදීමට රජය පියවර ගත යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කරන අතර එම නිවේදනය මෙසේය. පවතින අයහපත් කාලගුණික තත්වය නිසා Read More

මිළ සුත්‍රය තිබුනා නම් ඉන්ධන මිල රු.20 කින් අඩුකර බස් ගාතු ද අඩු කරන්න හැකිව තිබුණා

යහපාලන රජය විසින් ජනතාවට සහන සැලසීම සඳහා පැවති ඉන්ධන මිල සූත්‍රය මෙවන තෙක් ක්‍රියාත්මක වූයේ නම් සෑම ඉන්ධන වර්ගයකම මිළ අවම වශයෙන් රුපියල් 20කින් අඩුකර ඒ හරහා බස් ගාස්තු හා ත්‍රී වීල් ගාස්තු ද අඩුකර අඩුකර ජනතාවට සහන ලබාදී ජීවන වියදම් අඩු කිරීමට හැකියාවක් තිබිණු බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.  ලෝක වෙළඳපොලේ Read More

එක්සත් ජාතික පෙරමුණ සමතයකට පත්කිරීමට කරු මැදිහත්වෙයි

එක්සත් ජාතික පෙරමුණ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරිමේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට පැන නැගී තිබෙන මත ගැටුමට අදාළ දෙපාර්ශවය අතර සාකච්ඡාවක් හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ මැදහත් වීමෙන්  ඒ් මහතාගේ බම්බලපිටියේ පිහිටි නිවසේදී පැවැත්විණි. පෙර දින පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ දේශපාලන නියෝජිතයන්ද අද පෙරවරුවේ පැවති සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ නීතිඥවරුද සහභාගි වුහ. Read More

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුවට සුවිශේෂි කාර්‍යභාරයක් ඉටු කිරීමට හැකි වූණා

ගත වූ වසර හතර හමාරක කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  පාර්ලිමේන්තුවට සුවිශේෂි කාර්‍යභාරයක් ඉටු කිරීමට හැකි වූ බව අටවැනි පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය. ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ලෙස ලොව පුර ගෞරවාදරයට පාත්‍ර වී ඇති බව පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පැවැති උත්සවයකට  සහභාගී වෙමින් හෙතම පැවසීය. අටවැනි පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි,නියෝජ්‍ය කාරක Read More

ජපුර සිසුවා අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව පළමු වසර සිසුවෙකුගේ හිසට ට්‍රැක්ටර් ටයරයක් පතිත කරවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ.  එහිදී කිසියම් පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් විනය ක්‍රියාමාර්ග පවත්වා පන්ති තහනම් සහ දඬුවම් දීමට පියවර ගනු ඇත.

මීගමුවේ හෝටල් සේවකයෙක් මරුට

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇත.  පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් එම හෝටලය තුළ දී මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේ දී හෝටල් හිමිකරු සහ සේවකයින් සමඟ ආරවුලක් ඇතිව තිබේ.   පහර කෑමට ලක්වු හෝටලයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් බරපතළ Read More

ලෝක වෙළදපොලේ බොරතෙල් අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට තවමත් නැහැ

මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇත. එහෙත් මෙරට ඩීසල් මිල හෝ පෙට්රල් මිල අඩු කිරීමට ඔබ අමාත්‍යංශය මෙතෙක් කටයුතු කර නැත. වසර 1991 ට පසු ඉතිහාසයේ ප්‍රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතී. එම නිසාලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉතාම Read More

2022 නරඹමු ශ්‍රී ලංකා වසරයි

සංචාරක ක්ෂේත්‍ර යේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර ඇතැයිද ඔහු පැවැසීය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ 2025 වන Read More

රන් මිලෙහි වාර්තාගත වැඩිවීමක්

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල වාර්තාගත ලෙසින් ඉහළගොස් තිබේ. වෙළෙඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේ, රත්‍රං සඳහා මෙතරම් ඉහළ මිලක් වාර්තා වන්නේ වසර 7 කට පසු බවයි. මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1702 යි සත 45 ක් ලෙසයි. මීට සති කිහිපයකට පෙර ලෝක වෙළදපොලේ රන් මිල සටහන් වුණේ රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1645 යි ශත Read More

දිස්ත්‍රික්ක පහකට පානීය ජල ගැටලු

දිවයිනේ දිස්ත්‍රික්ක පහකට නිසි පරිදි පානීය ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි. කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල පානීය ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. දැඩි නියඟය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජලය සිඳී යාම මීට හේතුව බව එම මණ්ඩලය සඳහන් කරයි.

t

o

p