2022 නරඹමු ශ්‍රී ලංකා වසරයි

March 9, 2020

සංචාරක ක්ෂේත්‍ර යේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර ඇතැයිද ඔහු පැවැසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ 2025 වන විට සංචාරක ක්ෂේත්‍ර යෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ජාතික ආර්ථිකයට එක් කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සදහා සංචාරකයන් මිලියන 06 ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරේ.

t

o

p