Special News

නැගෙනහිර පර්යන්තය පැවරීමට එරෙහිව ආණ්ඩුවේ පක්ෂ 10ක එකගතාව

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඔ නිල නිවසේදී එම පක්ෂවල නායකයින් හමුවී කළ සාකච්ඡාවකදීය.සුවය ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි Read More

වලපනේ භූ කම්පනයක්

වලපනේ ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. අද (31) අළුයම 03.00ට පමණ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසීය. අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක ප්‍රබලත්වයකින් යුත්ත බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරයි.

ඉන්දීය ජනරජ දිනයේ දී ගොවීහු දිල්ලියට කඩා වදියි

ඉන්දීය ජනරජ දිනයේ දී ගොවීහු දිල්ලි අගනුවරට කඩා වැදුණහ. ඉන්දියානු ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිව සටන්වැදී සිටින ගොවි ජනතාව, එරට ජනරජ සැමරුම් ආරම්භ වෙද්දී ට්‍රැක්ටර් පෙළපාළියකින් දිල්ලි අගනුවරට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය සහ ගොවීන් අතර ගැටුමක් ඇතිවිය. ගොවීන්ගේ ප්‍රයත්නය වූයේ මාර්ග බාධක බිඳ හෙළමින් අගනුවරට ඇතුළුවීමය. එහෙත් එම අවස්ථාවේ පොලිසිය විසින් ගොවීන් ඉලක්ක කර Read More

දිල්හාර ලොකුහෙට්ටි චෝදනා 03ක් යටතේ වරදකරු

ශ්‍රී ලංකා හිටප්‍ර ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නීතියේ වගන්ති 03ක් යටතේ වරදකරු කර තිබේ. ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2.1. , 2.1.4 සහ 2.4.4 යන වගන්ති යටතේ ඔහුට මෙලෙස චෝදනා එල්ල කර තිබේ. එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්චය සභාවක් ඉදිරියේ සිදු කෙරුණු විභාගයකින් අනතුරුව ඔහුව වැරදිකරු කර ඇති බව වාර්තා වෙයි.

නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට නොදෙන ලකුණු

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට ලබා නොදීමට මේ වන විට රජය තීරණය කර ඇතැයි රජයේ විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම හේතුවෙන් නැගෙනහිර පර්යන්තය ලබා නොදීමට තීරණය කර තිබේ. වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වන්නේ රාජ්‍ය ආයතන හෝ වත්කම් විකුණා දැමීම නොව ඒවා රජය විසින් ම සංවර්ධනය කර පවත්වා ගෙන යාමයි.

කොරෝනා ආසාදිතයන් හඳුනා ගන්න ‘ගුද’ මාර්ගයත් යොදා ගනියි

දැඩි අවධානමක් සහිත කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා මෙලෙස ගුද මාර්ගයෙන් සාම්පල් ලබා ගැනීමට චීනය කටයුතු කර තිබේ.  පසුගිය සතිය තුළදී බිජීං නුවරින් හමු වූ කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම සඳහා මෙම පරික්ෂාව සිදුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා ද මෙම පරික්ෂාව කර ඇති බවට චීන මධ්‍යම රූපවාහිනී සේවය වාර්තා කරයි.

මැතිවරණ කොමිෂන් සභාවෙන් යෝජනා කිහිපයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ඇති කමිටුව වෙත නව මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර, ඡන්දය ප්‍රකාශය කිරීමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම. පළාත් සභා හා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම. සෑම මැතිවරණ අපේක්ෂකයෙක්ම මැතිවරණ සඳහා අදායම් වියදම් ප්‍රකාශනයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීම එය Read More

නාවික හමුදාවට කොවිඩ් එන්නත් 10,000ක්

කොවිඩ් මර්ධන ක්‍රියාවලියට සම්බන්ධ නාවික හමුදා සමාජිකයින්ට “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම වැලිසර නාවික රෝහලේදී සිදුවිය. ඒ අනුව, නාවික හමුදාව වෙත ලබා දුන් “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත් දස දහසක (10000) ප්‍රමාණය එම ප්‍රමුඛත්වය අනුව නාවික හමුදා සාමාජිකයින් වෙත ලබා දීම සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය අංශ පවසයි. පළමු මාත්‍රාව නාවික හමුදාවේ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, Read More

ජනපති නියමයෙන් රක්ෂිත වනාන්තර අක්කර දෙක හමාරේ කුට්ටි කර ජනතාවට බෙදා දෙන කතාව ඇත්තක් ද?

රජයේ වන රක්ෂිත සහ වන ජීවී රක්ෂිත තුළ ගොවිතැන් කරන ගොවීන්ට ඒ සඳහා ඉඩලබා දෙන ලෙස වන සංරක්ෂණ සහ වන ජීවී සංරක්ෂණ නිලධාරීන්ට කියා එම රක්ෂිතතුළට ගොස් ඒවා වෙන් කරන මායිම් ගල් ගැන නොතකා කලින් සිදු කළ ගොවි තැන්එලෙසම සිදු කර ගන්නා ලෙසට “ගම සමඟ පිළිසඳර” වැඩ සටහන් වල දී  ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේම කරන Read More

ව්‍යාජ පුවත් නිර්මාණය කොට ෆේස් බුක් දැමු අය රිමාන්ඩ්

මෙරට ගුවන් විදුලි නාලිකාවක නිල වෙබ් අඩෙවියේ පළවූ පුවතක් ලෙස සදහන් කරමින් ව්‍යාජ පුවතක් සකසා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත යොමු කළ පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකාවක වෙබ් අඩෙවියේ පළවූ පුවතක් ලෙස සදහන් කරමින් එම නාලිකාවේ නිල ලාංඡනය Read More

t

o

p