ව්‍යාජ පුවත් නිර්මාණය කොට ෆේස් බුක් දැමු අය රිමාන්ඩ්

January 28, 2021

මෙරට ගුවන් විදුලි නාලිකාවක නිල වෙබ් අඩෙවියේ පළවූ පුවතක් ලෙස සදහන් කරමින් ව්‍යාජ පුවතක් සකසා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත යොමු කළ පුද්ගයෙකු අත්අඩංගුවට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි නාලිකාවක වෙබ් අඩෙවියේ පළවූ පුවතක් ලෙස සදහන් කරමින් එම නාලිකාවේ නිල ලාංඡනය භාවිතා කරමින් ව්‍යාජ පුවතක් යම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කොට මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ පරික්ෂණයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුනි.

මෙම පුවතින් ජාතීන් අතර අසමගිය, අසංතෝෂය ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිර්මාණය කර තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුව පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සැකකරු රක්ෂණ සමාගමක වෙබ් අඩෙවි නිර්මාණය කරන්නෙකු ලෙස සේවය කරන බවද ඒ මහතා සදහන් කළේය. ඔහු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති බවද ඔහු සදහන් කළේය.

t

o

p