නාවික හමුදාවට කොවිඩ් එන්නත් 10,000ක්

January 30, 2021

කොවිඩ් මර්ධන ක්‍රියාවලියට සම්බන්ධ නාවික හමුදා සමාජිකයින්ට “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම වැලිසර නාවික රෝහලේදී සිදුවිය.

ඒ අනුව, නාවික හමුදාව වෙත ලබා දුන් “ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත් දස දහසක (10000) ප්‍රමාණය එම ප්‍රමුඛත්වය අනුව නාවික හමුදා සාමාජිකයින් වෙත ලබා දීම සිදුකළ බව නාවික හමුදා මාධ්‍ය අංශ පවසයි.

පළමු මාත්‍රාව නාවික හමුදාවේ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට, කොව්ඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සෘජුවම සම්බන්ධ වන ඉදිරි පෙළ නාවික හමුදාවේ පුද්ගලයින්ට සහ කොව්ඩ්-19 අවදානම හමුවේ ආරක්‍ෂක රාජකාරි හා මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන නාවික හමුදා සාමාජිකයින් වෙත ලබාදීම අද සිදු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොලීසියේ සාමාජිකයින් සඳහා කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන ජනවාරි 31 වනදා කොළඹ පොලිස් රෝහලේදී අරඹන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එහි දෙවැනි පියවර මහනුවර කුණ්ඩසාලේ පොලිස් රෝහලේදී පෙබරවාරි 02 වනදා සිදුකිරීමට නියමිතය.

මේ අතර, ගුවන් හමුදා සාමාජිකයන් වෙත එන්නත ලබාදීම අද සිදුකෙරුණේ කොළඹ ගුවන් හමුදා රෝහලේදීය.

එහිදී එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා වෙතය.

t

o

p