Special News

අනිල් ජාසිංහට ජාත්‍යන්තරයෙන් තනතුරක්

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එක්සත් ජාතින්ගේ සංවිධානයේ තනතුරක් හිමිව තිබෙනවා. ඒ එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපතිධුරයයි. මේ දිනවල දකුණු කොරියාවේ සුවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන පරිසර බලධාරින්ගේ නියේජිත සමුළුවේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  සභාපතිධුරයට පත් Read More

තවත් පැනඩෝරා පත‍්‍රිකා තොගයක්

පැනඩෝරා පත‍්‍රිකා මගින් සැඟවුණු ධනය ඇති පුද්ගලයන් තවත් හෙළි වීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් හැට පස් දෙනකුගේ පමණ නම් එළිදරව් වීමට නියමිත බවද මන්ත්‍රීවරයා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

ඉන්දියාවේ සෑම කොවිඩ් මරණයකට ම වන්දියක්

කොවිඩ් -19 හේතුවෙන් සිදුවන සෑම මරණයකටම වන්දි වශයෙන් ඉන්දීය රුපියල් 50,000 ක් ගෙවීමට ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ආපදා කළමනාකරණ නීතිය යටතේ වන්දි ඉල්ලා නීතිඥයින් ගොනු කළ පෙත්සමකට අදාළව මෙම අනුමැතිය හිමිව ඇති බවයි.

ආණ්ඩුවේ පක්ෂ සෙළවෙයි

බුලත් කොළය සළකුණින් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි පිහිටුවීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව සමග සන්ධානගතව සිටින පක්ෂ කිහිපයක්ම ඒ සඳහා එකඟතාව පළ කර ඇති බවට යි ශ්‍රීලනිප මහලේකම්වරයා අනාවරණය කරන්නේ. එවන් තත්ත්වයක් මත එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි පිහිටුවීමේ කටයුතු සිදුවෙමින් Read More

‘EVER ACE’ දැවැන්තයා ලංකාවට එයි

ලෝකයේ පවතින දැවැන්තම බහලුම් ප්‍රවාහන නෞකාවක් වන ‘EVER ACE (එවර් ඒස්)’ නෞකාව අද (05) දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම දැවැන්ත නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වරටයි. දිගින් මීටර් 400ක් (අඩි 1,300ක්)ක්ද, පළලින් මිටර් 61.5ක් (අඩි 202ක්) පමණ වන මෙම නෞකාවට බහලුම් 23,992ක් රැගෙන යාමට Read More

ඇඳිරි නීතියෙන් පසුව රට නැවතත් විවෘත වෙයි : ඔබ දැන ගත යුතු කරුණු

දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇදිරි නීතිය අද අලුයම 4 ට අවසන් කෙරුණා. ඒ, දින 42 කට පසුවයි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇදිරි නීතිය පැනවීමට ආණ්ඩුව කටයුතු කළේ ඉකුත් අගෝස්තු 20 වනදායි. අද දිනයේ සිට ක්‍රමිකව රට නැවත විවෘත කිරීම සදහා වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා. ඒ අනුව Read More

දිවයින පුරා වායු ගෝලයේ කැලඹිලි තත්වයක්

දිවයින ආශ්‍රිත පහල වායුගෝලයේ කැලඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස අද (1) වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 100ට වැඩි තද වැසි සහ සෙසු ප්‍රදේශවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි Read More

ලෝක වැඩිහිටි සහ ළමා දිනය අදයි

ලෝක වැඩිහිටි හා ළමා දිනය අදට (01) යෙදි තිබේ. මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ, ”සෑම වයසකටම ඩිජිටල් තාක්ෂණය එකසේ ” යන්නයි. අනාගත ලොවට පාර තැනූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෝකයට සම්පතකි. මෙරට ළමයින් මෑත කාලයේදී මුහුණ දුන් වඩාත්ම ප්‍රභල අභියෝගය වූයේ, දැනට වසර දෙකකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය අඩාල වී දැඩි මානසික පීඩනයකට පත්ව සිටීමයි. Online Read More

ඩොලර් නැති නිසා වරායේ ඇති කිරිපිටි ආපසු හරවා යැවීමේ සූදානමක්

වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිදහස් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වන පසුබිමක එම කිරිපිටි තොග වෙනත් රටකට ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා කර ඇතැයි කිරිපිටි ආනයනකරුවන් පවසනවා. එහි ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය පැවසුවේ කිරිපිටි කිලෝ තුන් ලක්‍ෂ 60,000 ක් නිදහස් කර ගැනීමට රජය මේ දක්වා වානිජ බැංකුවලට ඩොලර් නිදහස් කර නොමැති බවයි. වරායේ සිර වී ඇති Read More

සහල් මිල පාලනය අසාර්ථක වූ බව ආණ්ඩුවම පිළිගනී

සහල් සඳහා උපරිම මිලක් පැනවීමට රජය ගත් ක්‍රියාමාර්ගය අසාර්ථක වූ බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. මහා පරිමාණ මෝල් හිමියන් සහල් සඟවා තිබූ ගබඩා පවා සොයා ගැනීමට නොහැකිවීම ඊට එක් හේතුවක් වීමට හැකි බවයි. ගොවීන් ඇතුළු කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත් තිය සමිති පවසන්නේ සහල් සඳහා මේ දක්වා ගැසට් පත්‍ර 10 ක් පමණ නිකුත් කර අවලංගු කර Read More

t

o

p