ලෝක වැඩිහිටි සහ ළමා දිනය අදයි

October 1, 2021

ලෝක වැඩිහිටි හා ළමා දිනය අදට (01) යෙදි තිබේ.

මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ, ”සෑම වයසකටම ඩිජිටල් තාක්ෂණය එකසේ ” යන්නයි.

අනාගත ලොවට පාර තැනූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෝකයට සම්පතකි.

මෙරට ළමයින් මෑත කාලයේදී මුහුණ දුන් වඩාත්ම ප්‍රභල අභියෝගය වූයේ, දැනට වසර දෙකකට ආසන්න කාලයක් පාසල් අධ්‍යාපනය අඩාල වී දැඩි මානසික පීඩනයකට පත්ව සිටීමයි.

Online අධ්‍යාපනය අහිමි වූ දරුවන් තම අනාගත අභියෝග ජය ගැනීමට නොහැකි වීමෙන් මේ වනවිට සිත්තැවුලෙන් පසුවෙයි.

එවන් ළමා ප්‍රජාවක් සුරක්ෂිත කර ජීවන අභියෝග ජය ගැනීමට යොමු කිරීම අප සැමගේ වගකීමයි.

සුන්දර ළමා ලොවේ සිහින යථාර්ථයක් කිරීමට වැඩිහිටියන් පෙළ ගැසීමට මෙය කාලය නොවේද?

t

o

p