Special News

WhatsApp සඳහා අලුතින්ම හදුන්වා දුන් පහසුකම

ලොව ජනප්‍රියතම සමාජ ජාලයක් වන WhatsApp හරහා නවතම පහසුකමක් හදුන්වා දි තිබේ. WhatsApp Calls සඳහා ScreenShare පහසුකම ලබා දීමට එම සමාගම සූදානම් වෙයි.මේ පහසුකම Voice, Video දෙක සඳහාම සහාය දක්වන අතර මේ පහසුකම මඟින් Screen Share කිරීමක් නැරඹීම සඳහා ඇමතුමේ සිටින සියලුම පරිශීලකයින් WhatsApp හි නවතම සංස්කරණය භාවිතා කළ යුතු වෙයි. බොහෝ Beta පරිශීලකයන් සඳහා Read More

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක් ඉල්ලයි

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහ බැංකුව නියෝජනය කරනමින් සහභාගී වූ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. මෙම උපදෙස් ලබා දෙන ලද්දේ විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ Read More

ජාත්‍යන්තර මට්ටමෙන් පිළිගන්නා උප්පැන්න සහතිකයක් දෙන්න යයි

අන්තර්ජාතික මට්ටමේ ද්වි භාෂා සහිත පිළිගත හැකි උප්පැන්න සහතිකයක් පුරවැසියන්ට ලබාදීම රජයේ අරමුණ බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල උප්පැන්න , විවාහ , මරණ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික ලබාදීමේ විශේෂ ජංගම සේවාවට එක්වෙමිනි. ලොව ඕනෑම රටක් පිළිගත හැකි ආරක්ෂිත Read More

ලෝක පරිසර දිනය අදයි

ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. ‘ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු’ යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි. 1972 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් ගත් තීරණයකට අනුව සෑම වසරකම ජුනි 5 වෙනිදා ලෝක පරිසර දිනය සැමරෙයි. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ මහතා, “සෑම වසරකම Read More

ඉන්දියාවේ දුම්රිය අනතුරට හේතුව සොයා ගනියි

ඉන්දියාවේ පසුගියදා සිදු වූ දුම්රිය අනතුරට හේතුව සංඥාවල දෝෂයක් බවට මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ. දුම්රිය ඇමතිවරයා සදහන් කළේ ඉලෙක්ට්‍රෝනික පද්ධතියේ ඇති වූ වෙනස්වීමක් හේතුවෙන් මෙම සංඥා දෝෂය සිදුව ඇති බවයි. මෙම අනතුර සැලකෙන්නේ ඉන්දියාවේ මේ ශතවර්ෂයේ සිදු වූ දරුණුතම දුම්රිය අනතුර ලෙසිනි. මෙම අනතුරේදී දුම්රිය 03ක් එකිනෙක ගැටුණු අතර ඉන් මියගිය පුද්ගලයින් සංඛයාව 275කි. ඇතැම් Read More

අධික උෂ්ණත්වය නිසා දරුවන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමේ අවධානමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ‍මේ දිනවල පවතින උෂ්ණත්වය සමග කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශය පවසයි. මේ නිසා දරුවන් සිටින දෙමව්පියන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය. මේ නිසා දරුවන්ට වැඩි වැඩියෙන් ජලය ලබා දියයුතු අතර Read More

හෙද හෙදියන් බඳවා ගැනීම කඩිනම් කිරීමට පියවර

හෙද සේවාව සදහා සිසු හෙද හෙදියන් 3316 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීම සදහා දිවයින පුරා සියළු හෙද පුහුණු විද්‍යාලයන්හි පහසුකම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. 2018-2019 අධ්‍යයන වර්ෂයන්ට අදාළව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි සිසු සිසුවියන්ගෙන් අයදුම්පත් කැඳවා සිදුකළ සම්මුඛ Read More

දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි

ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.  කාසිය වාසිය දිනා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 323ක් රැස්කරන ලදි.  ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් රැස් කළා. දිමුත් කරුණාරත්න ලකුණු 52යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 191ක් පමණි. පන්දු Read More

ප්ලේන්ටියක මිලත් පහළට

ප්ලේන්ටියක මිල හෙට (05) සිට රුපියල් 30ක් දක්වා අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. ඔහු සඳහන් කළේ, ගෑස් මිල අඩු වීමට අදාළව මෙම මිල අඩු කිරීම සිදු කෙරෙන බවයි.

ජගත් උප සභාපති ධුරයක් ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරය හිමිව තිබේ.රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගෙන ඇත. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් මහතා විසින් ආසියානු පැසිෆික් කාලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය සඳහා අදාළ තනතුර Read More

t

o

p