අධික උෂ්ණත්වය නිසා දරුවන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමේ අවධානමක්

June 5, 2023

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ‍මේ දිනවල පවතින උෂ්ණත්වය සමග කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශය පවසයි.

මේ නිසා දරුවන් සිටින දෙමව්පියන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

මේ නිසා දරුවන්ට වැඩි වැඩියෙන් ජලය ලබා දියයුතු අතර වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

t

o

p