දෙවන එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වෙයි

June 4, 2023

ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. 

කාසිය වාසිය දිනා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 323ක් රැස්කරන ලදි. 

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 78ක් රැස් කළා. දිමුත් කරුණාරත්න ලකුණු 52යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 191ක් පමණි.

පන්දු යැවීමේදී ධනංජය සිල්වා කඩුලු 3 ක් සහ වනිදු හසරංග කඩුලු 3 බැගින් බිඳ හෙලන ලදි.

t

o

p