Special News

ගොවීන්ට තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ලබා දීමට කටයුතු කරයි

එළැඹෙන 2023/24 මහ කන්නයේ දී තවත් එක් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ‌ වී වගා කරන ගොවි ජනතාවට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙම කාරණය සම්බන්ධව මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද Read More

අඩු ආදායම්ලාභී පවුල් වලට සහන

අඩු ආදායම්ලාභී පවුල් හදුනාගෙන ඒ අතරින් තෝරාගත් පවුල් සදහා ඉදිකරන නිවාස සංකීර්ණ හයක පිහිටි නිවාස 4074ක පදිංචි කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග සදහන් කරයි. මෙහි මූලික අරමුණ වන්නේ කොළඹ නගරය සුහුරු නගරයක් බවට පත් කිරීම බවත් මෙම මහල් නිවාස වල ජනතාව පදිංචි කිරීමට පෙර ඔවුන් සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකළ යුතු බවද අමාත්‍යවරයා Read More

පදවිප්‍රාප්ති උත්සව තහනම් කරයි

ජනාධිපති ධූරයට පත්වී වසරක් සම්පූර්ණවීම වෙනුවෙන් කිසිදු පදවිප්‍රාප්ත උත්සවයක් සංවිධානය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දෙනු ලැබූවේ ජනාධිපති පදවිප්‍රප්තිය වෙනුවෙන් උත්සව සංවිධානය කිරීම ගැන විවිධ පාර්ශව වලින් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙනය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව ලබන 20 දාට වර්ෂයක් සම්පූර්ණ වේ. 2022 Read More

ආසියානු සටන් කලා ශූරතාවය ශ්‍රී ලංකාවට

ආසියානු සටන් කලා ශූරතා – 2023 තරගාවලියේ රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා සටන් කළා කණ්ඩායම ඊයේ (14) දින තායිලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. අන්තර්ජාතික සටන් කළා සම්මේලනය විසින් සංවිධානය කළ 04 වන ආසියානු සටන් කළා ශූරතා තරගාවලිය ඉකුත් 09 දින සිට 14 දින දක්වා තායිලන්තයේ පතායා Read More

අද(15) සිට බන්ඩි පොහොර මිල පහළට

අද සිට (15) බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1,000කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම කන්නය ආරම්භ වන විට රුපියල් 22,000 ඉක්මවා පැවති MOP පොහොර මිල රජය විසින් රුපියල් 19,500ට Read More

සිනොපෙක් ඉන්ධන බෙදා හැරීම අද(15) අරඹයි

චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය හා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රාජ්‍ය අමාතවරයා පැවසුවේ, අදාළ සමාගම මෙරට තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ආරම්භ කිරීමට නියමිත බවයි. සිනොපෙක් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ Read More

රජනි ඛාන්ත් ශ්‍රී ලංකාවට

දකුණු ඉන්දීය සුපිරි නළු රජනි ඛාන්ත් අද (14) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් අද පෙරවරු 11.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත. එහිදී රජනි ඛාන්ත් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබිණි.

දුෂ්කරතා විඳ දරා ගැනීමට හපන් එළු රාශි හිමියෝ

එළුවාගේ රාශිය චීන ඡ්‍යොතිෂ්‍යයේ අටවැනි රාශියයි. මෙතෙක් අපට හමු වූ සතුන්ගේ රාශිවල මෙන්ම එළුවාගේ රාශිය හිමි පුද්ගලයන්ගේ ද සාමාන්‍ය ගති ලක්ෂණ කවරේදැයි පළමුවෙන් ම විමසා බලමු. එළුවාගේ රාශියට අයත් වන්නේ 1943,1 955, 1967, 1979, 1991, 2003, 2015 එළුවාගේ රාශියේ පුද්ගලයන්ට ඕනෑම දුෂ්කරතාවක් විඳ දරාගැනීමේ සුවිශේෂී හැකියාවක් පවතී. මෙය ඔවුන්ගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයයි. ඔවුන් සතුව Read More

2023 ලෝක කුසලාන කාලසටහන යාවත්කාලීන වෙයි

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමෙන් පසුව එම තරගාවලියේ කාලසටහන යාවත්කාලීන කර තිබෙනවා.  ඔක්තෝබර් 7 වැනිදා ශ්‍රී ලංකාව නවදිල්ලි නුවර අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලෝක කුසලාන සටන ආරම්භ කිරීමට නියමිතයි.  ඒ අනුව එම කාලසටහන පහතින්,

පැය 14ක ජල කප්පාදුවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, එළඹෙන සෙනසුරාදා (15) කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක් සිදුකරන බවයි. ඒ අනුව එදින පෙරවරු 08 සිට පැය 14ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. මෙලෙස ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 01,02,03,04 සහ කොළඹ 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශවලටය.

t

o

p