දුෂ්කරතා විඳ දරා ගැනීමට හපන් එළු රාශි හිමියෝ

July 14, 2023

එළුවාගේ රාශිය චීන ඡ්‍යොතිෂ්‍යයේ අටවැනි රාශියයි. මෙතෙක් අපට හමු වූ සතුන්ගේ රාශිවල මෙන්ම එළුවාගේ රාශිය හිමි පුද්ගලයන්ගේ ද සාමාන්‍ය ගති ලක්ෂණ කවරේදැයි පළමුවෙන් ම විමසා බලමු.

එළුවාගේ රාශියට අයත් වන්නේ 1943,1 955, 1967, 1979, 1991, 2003, 2015 එළුවාගේ රාශියේ පුද්ගලයන්ට ඕනෑම දුෂ්කරතාවක් විඳ දරාගැනීමේ සුවිශේෂී හැකියාවක් පවතී. මෙය ඔවුන්ගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයයි. ඔවුන් සතුව මෘදු ගති ගුණ ඇති නමුදු ඔවුන් ශක්තිමත්, ඔරොත්තු දෙන ගුණයෙන් ද යුතුය. එමෙන්ම ඉහළ ඉවසීමක් ද ඔවුන් සතුය. මොවුන් නිශ්ශබ්ද නිරීක්ෂකයන් වන අතර යම් තීරණයක් ගැනීමට පෙර ඕනෑම දෙයක සියලු අංග සලකා බලයි. ඔවුන් නිර්භීත ආකාරයෙන් ක්‍රියා නොකළ ද තමා සිදු කරන කාර්යයන් සාර්ථකව නිම කිරීමට සමත් පුද්ගලයන් වේ.

එළුවාගේ රාශියේ පුද්ගලයන් දරුවන්ට, සතා සිව්පාවාට මෙන්ම සොබාදහමට ආදරය කරන්නන්ය. පිළිවෙළට සිටීමට කැමැත්තක් දක්වන පිරිසක් වන නිසා මොවුන්ගේ නිවාස ඉතාමත් ප්‍රියමනාපය. මොවුන් අන් අයගේ අවශ්‍යතා තම අවශ්‍යතාවලට වඩා ඉහළින් තැබීම නිසා තමා සතු මුදල් හා කාලය ද ඒ වෙනුවෙන් වැය කිරීමට නොපැකිළෙයි.

කෙසේවෙතත් ඔවුන්ගේ සිතේ පවතින මුරණ්ඩුකම නිසා ඇතැම් විට සන්නිවේදනය අපහසු කරයි. ඔවුන් සතු මෘදු, සංවේදී පෞරුෂය නිසා බොහෝ මිතුරන් ඇතිකර ගැනීමට ඔවුන්ට හැකියාව ඇත. ගැටුමක දී ඔවුන් කතා කරන්නේ සටන අවසන් කිරීමට අවශ්‍ය බැවිනි. නමුත් හැමවිටෙකම මෙන් ඔවුන් අනතුරුවලින් ආරක්ෂා වීමේ වාසනාගුණයෙන් ද යුතුය.

එළුවාගේ වසරක එනම් එළු රාශියේ උපන් පිරිමින් සැබෑ මහත්වරුන් බව පැවසිය හැකිය. ඔවුන් පවුලට සමීප හෘදයංගම පෞරුෂයක් උරුම වූ අයයි. කොතැනක ගියත් මිනිසුන් සමඟ යහපත් සබඳතා ගොඩනගා ගන්නා අතර මිතුරන් ඇතිකර ගැනීමට හපනුන් ය. මෙසේ වන්නේ ඔවුන් අනෙක් අයට අවංකව සවන් දෙන්නන් වන නිසයි. තමාට අනවශ්‍ය ආකාරයෙන් බලපෑම් කරනවාට අකැමැති මේ පුද්ගලයන් අන් අය විවේචනය කිරීමට ද අකැමැතිය. යම්කිසි ආරවුලක් ඇතිවන ස්ථානයක දී ඔවුන් බොහෝ විට එහි සාමය ඇතිකරන පුද්ගලයා බවට පත්වේ.

නමුත් මොවුන් බොහෝ විට අසුබවාදීන් වේ. තමා කැමැති දේවල ධනාත්මක පැති දැකීමට අපහසු නිසා කනස්සල්ලෙන් පසු සිටීම ස්වභාවයයි. මොවුන් තම අන්ධකාරය සැඟවීමට උද්‍යෝගය භාවිත කිරීමට උත්සාහ කරති. ඔවුහු අවධානය හා සහයෝගය සඳහා ආශා කරති.

එළුවාගේ රාශියේ උපන් කාන්තාවන් විශ්වාසදායක සහ අවධානයෙන් සිටින තැනැත්තියන් වේ. ඉතා කුඩාම තොරතුරු පවා ඔවුනගේ දෑස්වලින් වසන් කිරීම අපහසුය. මොවුන් සමාජශීලි අය වන අතර අනෙක් අයගේ අවශ්‍යතාවලට සංවේදී පුද්ගලයන් වේ. මොවුන් ඉතා හොඳීන් අභිප්‍රේරණය වී ඇති නිසා තමා සිදු කරන කාර්යයන් හොඳීන් ඉටු කරයි. නමුත් ගැටළු විසඳීමට නම් මොවුන් සුදුසුම අය නොවන බවද කිව යුතුයි. ඔවුන් බොහෝ විට අනතුරු ඇඟවීම්වලට ඇහුම්කන් නොදෙන අතර දුෂ්කර ආකාරයෙන් කටයුතු කරයි.

මෙම කාන්තාවෝ උසස් ප්‍රමිතීන් ඉලක්ක කරගනිමින් තම ජීවිතය මනාව හසුරුවා ගනිති. බොහෝ විට තමා තුළ අනාරක්ෂිත හැඟීම් ඇතිවන අතර කනස්සල්ලට පත් වේ. අන් අය කෙරෙහි ඔවුන්ගේ කරුණාව තිබිය දීත් ඔවුන් තමා කෙරෙහිම දැඩි වන අතර කිසි විටෙකත් තෘප්තිමත් අය නෙවේ.

t

o

p