Special News

නුවර වැව රක්ෂිතයේ පැරණි ගස් කපා දමා වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක්

දැඩි නියං කාලගුණයත් සමඟ වැව් සිඳී යන මොහොතක, අනුරාධපුර නගරයට සහ පූජා නගරයට පානීය ජලය සැපයෙන නුවර වැව රක්ෂිතයේ ඇති වසර ගණනාවක් පැරණි ගස් කපා දමා වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් සිදු වන බව නුවර වැව අවට ප්‍රදේශවාසීහු පවසති. අනුරාධපුර කීරියගස් හන්දියත්, ඉච්චන්කුලම මෙත් හිමි මාවතත් අතරමැද ඇති නුවර වැවේ මෙම රක්ෂිත කොටස කපා දැමූ Read More

ආදිවාසි නායකයන්ගේ වරිග සභා රැස්වීම අද (08) රාත්‍රියේ දඹානේදී පැවැත්වෙයි

ආදිවාසි නායකයන්ගේ වරිග සභා රැස්වීම අද (08 දා) රාත්‍රියේ දඹානේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම රැස්වීමට ප්‍රාදේශීය ආදිවාසි නායකයන් පැමිණෙන අතර ආදිවාසි නායක ඌරුවරිගේලාගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පිරිස රැස් වෙති. හෙට (9 දා) සිහි කෙරෙන ලෝක ආදිවාසීන්ගේ දින පැවැත්වෙන වැඩසටහන් මෙන්ම ආදිවාසි ජනතාවට අද තදින්ම බලපා තිබෙන වගා කිරීමේ අර්බුදය සහ අධික නියඟයෙන් ඇතිවී තිබෙන Read More

ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (09) දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ අළුත්ගම, මතුගම, අගලවත්ත යන ප්‍ර දේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ සහ බෙන්තොට යන ප්‍රදේශවලට ජල Read More

සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කිරිමට කැබිනට් අනුමැතිය

සමනලවැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ, අද (07) පස්වරුවේ පැවති කැබිනට් හමුවේදී ය. රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසුවේ, ජාතික විදුලි අවශ්‍යතායට විකල්ප විසඳුම් සොයමින් ජලය නිකුත් කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි.

ලෙබනනයට ගමන් නොකරන ලෙස නිවේදන

ලෙබනනයට ගමන් නොකරන ලෙස බ්‍රිතාන්‍ය හා සෞදි අරාබිය ඇතුළු රටවල් කිහිපයක් තම පුරවැසියන්ට දැනුම් දී තිබේ. මෙම දැනුම්දීම් සිදුකර ඇත්තේ ලෙබනනයේ හටගෙන ඇති ගැටුම් හේතුවෙනුයි. සෞදි අරාබිය, කුවේට් රාජ්‍ය, බහරේන්, ජර්මනිය හා බ්‍රිතාන්‍යයයි මෙලෙස තම පුරවැසියන්ට ලෙබනනයට ගමන් කිරීම සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර ඇත. එමෙන්ම සෞදි අරාබිය නිවේදනය කළේ තම වැසියන්ට ලෙබනනයෙන් හැකි ඉක්මනින් ඉවත්ව Read More

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්

ඉදිරියේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුවේ දී (COP 28), අවදානමට ලක්විය හැකි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ දේශගුණික යුක්ති සංසදය (CJF) දියත් කිරීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටින බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසීය. දේශගුණික යුක්තිය සහතික කිරීම සහ හානි සඳහා මුල්‍යකරණය කඩිනම් කිරීමට විකල්ප මෙන්ම සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයක් Read More

ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමට රජය සූදානම්

රට තුළ ආහාර අර්බුදයක් ඇති වුවහොත් ඊට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙස මෙම වසර අවසන් වීමට පෙර පුරන් කුඹුරු හෙක්ටයාර් 11,000ක් යළි වගා කිරීමට රජය සැලසුම් කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පැවසීය. ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා මෙම පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් මේ සඳහා රජය රුපියල් මිලියන Read More

මඩකලපුව සංවර්ධනයට පුළුල් සැලැස්මක්

මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් දෙවසරක දීර්ඝකාලීන පුළුල් සංවර්ධන සැලැස්මක් වහාම සම්පාදනය කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. කෘෂිකාර්මික, පසුසම්පත්, ධීවර කර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් එම සංවර්ධන සැලැස්ම සකස් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි. අලුත් ගමක් – අලුත් රටක් ජාතික ඒකාබද්ධතා සහභාගිත්ව සංවර්ධන වැඩසටහනේ මඩකලපුව දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන Read More

නව සුළං බලාගාරය විවෘත කරයි

මන්නාරම ප්‍රදේශයේ ඉදිකෙරුණු මෙගාවොට් 15ක සුළං බලාගාරය විවෘත කර තිබේ.  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අද (06) පෙරවරුවේ බලාගාරය විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.  මෙම බලාගාරය සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණ ද එහි කටයුතු කඩිනමින් නිම කිරීමට දේශීය ඉංජිනේරුවරුන් කටයුතු කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළා.

කුඩා වැව් ප්‍රතිසංස්කරණයට රජයෙන් රු. මිලියන 3000ක්

දිවයිනේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංස්කරණය කර ගොවි තැනට අවශ්‍ය ජලය ලබා දීම සඳහා සකස් කිරීමට රජය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 3000ක මුදලක් මෙම වසර සඳහා අනුමත කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. නාවුල පිළීහුඩුගොල්ල පුරාණ වැව රුපියල් 48,26,844ක මුදලින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මහජන අයිතියට පත් කිරීම ඊයේ Read More

t

o

p