ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

August 8, 2023

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (09) දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ අළුත්ගම, මතුගම, අගලවත්ත යන ප්‍ර දේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ සහ බෙන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව සඳහන්. තවද පයාගල, බෝම්බුවල, මග්ගොන, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර, මොරගල්ල යන ප්‍රදේශවලට ද මෙලස ජල සැපයුම අත්හිටුවයි.

t

o

p