Special News

Luna-25 යානය සඳ මත කඩා වැටේ

වසර 50කට පමණ පසු රුසියාවේ ප්‍රථම චන්ද්‍ර මෙහෙයුම වන Luna-25 ගවේෂණ යානය පෙර ගොඩබෑමේ උපාමාරු අතරතුර සිදු වූ සිදුවීමකින් පසු සඳ මත කඩා වැටී ඇති බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය පවසයි. Luna-25 සමඟ සන්නිවේදනය සෙනසුරාදා සවස 2:57 (GMT 1157) ට අහිමි වූ බව රොස්කොස්මොස් පැවසීය. “යාත්‍රාව සොයා ගැනීමට සහ එය සමඟ සම්බන්ධ වීමට අගෝස්තු 19 සහ Read More

ස්පයිස්ජෙට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමඟ යළි ඍජු ගුවන් ගමන් අරඹයි

ස්පයිස්ජෙට් ගුවන් සමාගම යළිත් ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සේවා ඊයේ (20) සිට යළි ආරම්භ කරනලදි. ඒ, අනුව එම ගුවන් සමාගමේ එස්.ජී – 003 දරණ යානය ඉන්දියාවේ මදුරෙයි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කරයි. මෙම යානයෙන් ගුවන් මගීන් 30 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ සිව්දෙනෙක් මෙරටට පැමිණ තිබේ. පසුගිය කොවිඩ් Read More

පරෙවි දූපත නැරඹීමට යළි අවස්ථාව

ත්‍රිකුණාමල වරාය සහ නිලාවේලි පරෙවි දූපත නැරඹීමේ සහ මුහුදු සංචාර යළි ආරම්භ කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා. නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ වූ බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ. ඒ, අනුව දෙස් විදෙස් සංචාරකයින්, පාසල් ළමුන්, නාවික හමුදා පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට මෙම අවස්ථාව උදාකර දී තිබෙනවා. මේ සමඟ ත්‍රිකුණාමලය ස්වභාවික වරාය, නිලාවේලි Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය කැන්ඩි කණ්ඩායමට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩිම කණ්ඩායම සමත් විය. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 147 ලබා ගත්තේය. දඹුල්ල අවුරා කණ්ඩායමේ ධනංජය ද සිල්වා පන්දු 29ක දී ලකුණු Read More

ඩෙංගු රෝගීන් හැටඑක්දහස ඉක්මවයි

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 61,036 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් පසුගිය මාස 5 තුළ දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සැළකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න පැවසීය.

න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවධානමක්

රුසියා විදේශ අමාත්‍යවරයා පවසන්නේ ඕනෑම මොහොතක න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවධානමක් පවතින බවට බටහිර රටවල් අවබෝධ කරගත යුතු බවයි. රුසියා විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවන්නේ හටගන්නා ඕනෑම තර්ජනයකට රුසියාව න්‍යෂ්ටික ප්‍රතිචාර දැක්විමට සුදානම් බව ඇමෙරිකාව හා නේටෝ සංවිධානය සිහියේ තබාගත යුතු බවටයි. සර්ජී ලැව්රෝෆ් පෙන්වා දෙන්නේ එබැවින් න්‍යෂ්ටික ගැටුමක් ඇති වීම වැළැක්වීමට ඔවුන් කටයුතු කළ යුතු Read More

මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ ලංගම බස් සේවාවක්

මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවාවක් ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, පෙරහැර කාල සීමාව තුළ බස් රථ 350 ක් පමණ ධාවනයට එක්කරන බවයි. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පළමු කුඹල් පෙරහර හෙට විදී සංචාරය කිරීමට නියමිතයි.

බඩඉරිගු බදු අඩුවීමෙන් කුකුල් මස් මිල පහලට

බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,250ක මුදලකට අලෙවි කිරීමට හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. හිගයකින් තොරව බඩ ඉරිගු ලැබෙන්නේ නම් ඉදිරියේදී කුකුල් මස් මෙන්ම බිත්තර මිලද තවත් අඩු වනු ඇතැයි එම සංගමය සදහන් කරයි. බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද Read More

වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඉල්ලයි

ජලය සොයා එන වන සතුන් දඩයම් කරන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙසට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. රටතුළ පවතින නියඟය හේතුවෙන් වනාන්තර තුළ ජලය හිඟවීම හේතුවෙන් ජලය සොයා පැමිණෙන වන සතුන් මස් පිණිස ඝාතනය කිරීමේ ජාවාරම් ක්‍රියාත්මක බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික දුරකථන අංශය වන Read More

කැනඩාවේ කොටසකට හදිසි තත්වයක්

ලැව් ගිනි පාලනය කිරීමට නොහැකි ලෙස ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් කැනඩාවේ බටහිර “බ්‍රිටිෂ් කොලම්බියා” පළාතට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ වයඹ දිග ප්‍රදේශයේ 22,000 ක පමණ පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍යය සදහන් කරයි. කැනඩාවේ බටහිර “බ්‍රිටිෂ් කොලම්බියා” පළාත් බලධාරින් අනතුරු අඟවන්නේ, ලැව් ගිනි ව්‍යාප්තිය වේගවත් වී ඇති බැවින් ඉදිරි දින Read More

t

o

p