ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය කැන්ඩි කණ්ඩායමට

August 20, 2023

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ජය වාර්තා කිරීමට බී ලව් කැන්ඩිම කණ්ඩායම සමත් විය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 147 ලබා ගත්තේය.

දඹුල්ල අවුරා කණ්ඩායමේ ධනංජය ද සිල්වා පන්දු 29ක දී ලකුණු 40 ලබා ගත් අතර සධීර සමරවික්‍රම පන්දු 30 කදී ලකුණු 36ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 5කදී කඩුළු 5ක් දැවී ලකුණු 151 ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් පන්දු 37 කදී ලකුණු 44ක් ලබා ගත් අතර මොහොමඩ් හාරිස් පන්දු 22කට ලකුණු 26ක් රැස් කළේය.

t

o

p