බඩඉරිඟු සඳහා වන ආනයන බද්ද අඩු කිරීමට රජය පියවර ගැනීම හේතුවෙන් කුකුළු මස් කිලෝග්රෑමයක් රුපියල් 1,250ක මුදලකට අලෙවි කිරීමට හැකි බව ශ්රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.
හිගයකින් තොරව බඩ ඉරිගු ලැබෙන්නේ නම් ඉදිරියේදී කුකුල් මස් මෙන්ම බිත්තර මිලද තවත් අඩු වනු ඇතැයි එම සංගමය සදහන් කරයි.
බඩ ඉරිඟු කිලෝග්රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50කින් අඩු කිරීමටයි ආණ්ඩුව තීරණය කර ඇත්තේ. ඒ අනුවල මෙතෙක් පැවති බඩ ඉරිඟු කිලෝග්රෑමයක් සඳහා රුපියල් 75 ක් වන ආනයන බද්ද රුපියල් 25ක් දක්වා අඩු වනු ඇති.