ස්පයිස්ජෙට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමඟ යළි ඍජු ගුවන් ගමන් අරඹයි

August 21, 2023

ස්පයිස්ජෙට් ගුවන් සමාගම යළිත් ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් සේවා ඊයේ (20) සිට යළි ආරම්භ කරනලදි.

ඒ, අනුව එම ගුවන් සමාගමේ එස්.ජී – 003 දරණ යානය ඉන්දියාවේ මදුරෙයි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කරයි.

මෙම යානයෙන් ගුවන් මගීන් 30 දෙනෙකු සහ කාර්යය මණ්ඩලයේ සිව්දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

පසුගිය කොවිඩ් වසංගත සමයේ දී ස්පයිස්ජෙට් ගුවන් සේවා සමාගම මෙරට සමඟ ඍජු ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර තිබුණි.

ඉදිරියේ දී සතියේ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම ගුවන් සේවයේ යානා මෙරටට පැමිණීමට නියමිත බවයි වාර්තා වෙයි.

ඒ, අනුව පස්වරු 02.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන යානා එදිනම පස්වරු 03.10ට ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්ව යාමට නියමිතයි.

t

o

p