කැනඩාවේ කොටසකට හදිසි තත්වයක්

August 19, 2023

ලැව් ගිනි පාලනය කිරීමට නොහැකි ලෙස ශීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් කැනඩාවේ බටහිර “බ්‍රිටිෂ් කොලම්බියා” පළාතට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ලැව් ගිනි හේතුවෙන් කැනඩාවේ වයඹ දිග ප්‍රදේශයේ 22,000 ක පමණ පිරිසක් අවතැන්ව සිටින බව විදෙස් මාධ්‍යය සදහන් කරයි.

කැනඩාවේ බටහිර “බ්‍රිටිෂ් කොලම්බියා” පළාත් බලධාරින් අනතුරු අඟවන්නේ, ලැව් ගිනි ව්‍යාප්තිය වේගවත් වී ඇති බැවින් ඉදිරි දින කිහිපය අතිශයින් අභියෝගමත් වනු ඇති බවයි. “වෙස්ට් කෙලෝනා” නගරය අශ්‍රිත ප්‍රදේශයේ ලැව් ගිනි ශීඝ්‍රයෙන් පැතිර යාම නිසා නිවාස රැසක් විනාශ වීමේ දැඩි අවදානමක් පවතින බව, බලධාරින් පවසයි.

t

o

p