Special News

මත්ද්‍රව්‍ය උවදුර මර්දනය සඳහා මහජන අදහස් විමසීමක්

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා අදහස් හා යෝජනා යොමු කරන ලෙස පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනතාවගෙන් ඉල්ලා සිටී. රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළයුතු ක්‍රමවේද සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා ලබාදීමට මෙමඟින් මහජනතාවට අවස්ථාව ලබා දී ඇත. පසුගිය ජුනි මස 08 වැනිදා කථානායකවරයා විසින් මේ සඳහා Read More

ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට අනුමැතිය

1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය. ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්‌වූ Read More

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ආසියානු කුසලාන අවසන් සටනට

2023 ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය තරගය ඊයේ (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර පැවති තරගය යි. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 42කට සීමා කිරීමට සිදුවිය . කාසියේ වාසිය දිනා ගැනීමට පකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්වුණු අතර ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ Read More

අද සිට පනත් 02ක් බලාත්මක වෙයි

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පතට සහ බැංකු (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය සටහන් කළේය. ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කිරීම පසුගිය ජූලි Read More

මහජන ක්ෂේත්‍රය තුළ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමක්

මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවත්විණි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යේ ශාස්ත්‍ර පීඨය නියෝජනය කරමින් සිසුන් සියයකට අධික පිරිසක් සහභාගී වූහ. Read More

පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට උපදෙස්

වර්තමානයේ පළාත් සභා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පළාත් සභාවලට ලබාදෙන මුදල් විනිවිද භාවයකින් යුක්තව පරිහරණය කරන ලෙස මුදල් කොමිෂන් සභාවට, විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් උපදෙස් ලබාදුණි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. පළාත් සභා ස්වාධීනව කටයුතු කළ හැකි ආකාරයට ගොඩ නැගිය යුතු Read More

ICC ක්‍රිකට් ලෝක කුසලානය සියැසින් දැකගැනීමට ඔබට අවස්ථාවක්

අද(14) ලංකාවට පැමිණි 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය අද සිට මහජන ප්‍රදර්ශනයට තබා ඇත. ඒ අනුව කුසලානය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පෙරවරු 9:00 සිට පස්වරු 2:00 දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර පස්වරු 3:00 සිට රාත්‍රී 8:00 දක්වා One Galle Face Mall හිදී ලෝක කුසලාන කුසලානය නැරඹීමට ද ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවෙයි. හෙට (15) දිනයේදී ශ්‍රී Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට පිළියමක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින කාර්මික ශිල්පී හිඟයට පිළියම් යෙදීම සඳහා ලංකා-ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හරහා සිසුන් ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ මෙම කාරක සභාවට ප්‍රවාහන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා ජර්මානු කාර්මික Read More

දේශගුණික විපර්යාසවලින් රටවල් රැසක් අනතුරේ

පෘථිවියේ පැවැත්ම දේශගුණික විපර්යාස වලින් දැඩි තර්ජනයට ලක්වී ඇති යුගයක බහුපාර්ශ්වික සංවර්ධන බැංකු ශක්තිමත් කරමින් දේශගුණික විපර්යාස අභියෝගයට මුහුණ දීමට සහයෝගය දෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා G20 සමුළුවේ රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අභීයෝගය ජයගැනීමට G20 සමුළුවේ රටවල් පොරොන්දු වූ පරිදි වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 100 බැගින් Read More

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – පකිස්ථාන තීරණාත්මක තරගය අද

ඉන්දියාව සමඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා පාකිස්තාන තීරණාත්මක තරගය අද (14) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මේ තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන 17 වැනි ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ඉන්දියාවට එරෙහිව සටන් බිමට පිවිසිය යුතු වේ. ශ්‍රී ලංකා Read More

t

o

p