ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ආසියානු කුසලාන අවසන් සටනට

September 15, 2023

2023 ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය තරගය ඊයේ (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර පැවති තරගය යි.

වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 42කට සීමා කිරීමට සිදුවිය .

කාසියේ වාසිය දිනා ගැනීමට පකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්වුණු අතර ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව, පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම පන්දු වාර 42දී කඩුලු 7ක් දැවී ලකුණු 252ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 42දී කඩුලු 8ක් දැවී ලකුණු 252 ක් ලබා ගත්තේ ය.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ජයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ අනුව, එළෙඹෙන 17 වන දා ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබී ය.

t

o

p