Special News

ඩිජිටල් ආර්ථිකයක් නැතිව ලෝකයත් සමඟ ඉදිරියට යන්න බෑ – ජනාධිපති

ලෝකයේ තරගකාරී ආර්ථිකය සමඟ ඉදිරියට යෑමට ශ්‍රී ලංකාව සූදානම් කිරීම වෙනුවෙන් ඩිජිටල් පරිවර්තනය වේගවත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බැව් සඳහන් කළේ ඉකුත් 25 දා පස්වරුවේ කොළඹ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවති “ජාතික තොරතුරු තාක්ෂණ සම්මාන උළෙල – NBQSA 2023” අමතමිනි. දේශීයව පුද්ගලයන්ගේ සහ සංවිධානවල කැපී පෙනෙන Read More

හෙට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

හෙට (28) දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කරයි. එම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාව, යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාවටද දිස්වනු ඇති බව සදහන් කරයි. මෙම චන්ද්‍රග්‍රහණය පෘථිවිය, සූර්යයා Read More

සීතාවක ඔඩිසි දුම්රිය යළි ගමන් අරඹයි

සීතාවක ඔඩිසි දුම්රිය හෙට (28) සිට යළි සති අන්තයේ ගමන් ආරම්භ කෙරෙන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසයි. පසුගිය දා එම දුම්රිය තාවකාලිකව නවතා දැමුණේ, අයහපත් කාලගුණය හේතුවෙන්. මෙම දුම්රිය හෙට සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන්හි ධාවනය කෙරෙනු ඇති. ඒ අනුව හෙට කොළඹ කොටුවෙන් පෙරවරු 8.25 ගමන් ආරම්භ කෙරෙන මෙම දුම්රිය යළි පස්වරු Read More

පැතුම් වසරේ ලකුණු 1000 සීමාව පසු කළ දෙවැන්නා බවට පත්වෙයි

වසරක දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙහි ලකුණු 1000 සීමාව ඉක්ම වූ ලැයිස්තුවේ දෙවැනි තැන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට හිමිව තිබේ. පැතුම් මෙම සුවිශේෂී වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වසර 06කට පසුවයි. මීට පෙර එම වාර්තාවට හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංග සමත්විය.

පිටකොටුව වෙළඳසැලේ ගින්නෙන් 15ක් රෝහලට

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි. ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි. අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම Read More

දෙවැනි පාසල් නිවාඩුව අද සිට

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ දෙවන පාසල් වාරය අද අවසන්වේ. ඒ අනුව සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් සඳහා දෙවන පාසල් වාරය අද දිනයෙන් අවසන් වන අතර තෙවන පාසල් වාරය නොවැම්බර් මස 1 වැනිදා බදාදා ආරම්භ කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා පිලට ජය

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි. ඒ, වත්මන් එක්දින ලෝක ශූරයින් වන එංගන්තයට එරෙහිව කඩුලු 8ක සුපිරි ජයක් වාර්තා කරමින්. තරගය පැවැත්වුණේ ඉන්දියාවේ බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේදීයි.‍ පන්දුවාර 33යි පන්දු 02ක් අවසානයේ සියලුදෙනා දැවී එංගලන්තය රැස් කළේ ලකුණු 156කි. තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවී ඇති Read More

සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තතතුර වහාම පුරවන්න – රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවෙන් කර්මාන්ත අමාත්‍යාංශයට උපදෙස්

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ 2019,2020, සහ 2021 ගිණුම් වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ විමසීම සිදුවිය. මෙහිදී සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දිගු කළක සිට පුරප්පාඩුව පවතින තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තනතුරට අදාළ බඳවා ගැනීම සිදු නොකිරීම පිළිබඳව සභාපතිවරයා නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය. එම තනතුරට Read More

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ මෙහෙයුමක් අරඹයි

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) උතුරු ගාසා තීරයේ යුද ටැංකි යොදා ගනිමින් ඉලක්කගත වැටලීමක් සිදු කර තිබේ. මෙහෙයුමේ වීඩියෝවක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ සටනෙහි මීළඟ අදියර සඳහා සූදානම් වීමේ කොටසක් ලෙස මෙම වැටලීම සිදු කර ඇති බවයි. එහිදී ත්‍රස්තවාදී බලකොටු, යටිතල පහසුකම් සහ යුද ටැංකි නාශක මිසයිල එල්ල කිරීමේ මධ්‍යස්ථාන රැසකට පහර දුන් බව Read More

ශ්‍රී ලංකා-එංගලන්ත සටන අදයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ. තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ  07 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ අට වන ස්ථානයේ පසුවේ. ඒ අනුව තරගාවලියේ ඉදිරියට යාම සඳහා අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම Read More

t

o

p