හෙට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

October 27, 2023

හෙට (28) දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ශ්‍රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කරයි.

එම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාව, යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාවටද දිස්වනු ඇති බව සදහන් කරයි.

මෙම චන්ද්‍රග්‍රහණය පෘථිවිය, සූර්යයා සහ චන්ද්‍රයා අතරට පැමිණෙන නමුත් ඒවා සරල රේඛාවක් සාදන්නේ නැති අතර එවිට චන්ද්‍රයාගේ පෘෂ්ටයෙන් කුඩා කොටසක් මතට පෘථිවියේ සෙවනැල්ලේ අඳුරුතම කොටස පතිත වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් හෙට (28) දිනයේ රාත්‍රී 11.32ට චන්ද්‍රයා පෘථිවියේ උපචායාවට ඇතුළු වීමත් සමඟ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන අතර එය පියවි ඇසට දෘශ්‍යමාන කොටස (29) වැනිදා අලුයම 01.05ට චන්ද්‍රයා උම්බ්‍රා හෙවත් පෘථිවියේ සෙවණැල්ලෙහි තද අඳුරු පුර්ණ චායාව කොටසට ඇතුළු වේ.

t

o

p