Sports

IPL ක්‍රීඩකයින්ට කොවිඩ්

2021 IPL තරඟාවලිය එළඹෙන සිකුරාදා ඇරඹේ.  එහි සමාරම්භක තරඟය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම අතර චෙන්නායි හි පැවැත්වේ.   මේවන විටත් තරඟාවලියට කොවිඩ් -19 බලපෑම් එල්ලවෙමින් පවතී. දෙව්දත් පදික්කාල්, අක්ෂා පටෙල් සහ නිතිෂ් රානා යන ක්‍රීඩකයින් කොවිඩ් ආසාදිතයින් ලෙස මේවන විටත් හඳුනාගෙන තිබේ.

දෙවන ටෙස්ට් තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. ප්‍රථම ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණූ 354ක් රැස් කළේය. පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 258ක් පමණකි. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දෙවන ඉනිම සඳහා ලකුණු 280ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක්

ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. එහි සමාජිකයින් ලෙස මහාචාර්ය අර්ජුන ද සිල්වා – කමිටු ප්‍රධානි, ඈෂ්ලි ද සිල්වා, සුජීව මුදලිගේ , උචිත වික්‍රමසිංහ, අමල් එදිරිසූරිය යන මහත්වරුන් පත් කර තිබේ.

තෙන්ඩුල්කාර්ට කොරෝනා

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ , සිදු කළ පරීක්ෂණයකදී තමාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව තෙන්ඩුල්කාර්ට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ය.

T20 හොදම ප්‍රහාරක වේගය ලෝක වාර්තාව රවිජ සඳරුවන්ට

ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරග ඉතිහාසයේ වේගවත්ම ප්‍රහාරක වේගය සතු පිතිකරුවා ශ්‍රී ලාංකිකයෙකු සහ ආදී ලුම්බිණි පුත්‍රයෙකු බව ඔබ දන්නවද ? නමින් ඔහු රවිජ සඳරුවන් වන අතර ඔහු නියෝජනය කරන්නේ තමන් උපන් මව් භුමිය නොව කුවේට් රාජ්‍යයයි. ලෝක වාර්තාව ඔහු සතුවෙන්නේ 165.8ක් ලෙස ඔහුගේ පිතිකරණ ප්‍රහාරක වේගය සටහන් වීම නිසා. ක්‍රිකට් ලෝකයේ විස්සයි 20 ප්‍රබලයින් Read More

ක්‍රිකට් තරඟ නැරඹීමට අප්‍රේල් සිට අවස්ථාව

බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියේ සිට  ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි. ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ වල 40%ක ප්‍රේක්ෂක පිරිසකට තරඟ නැරඹීමට අවස්ථාව ලබා දෙන බවය.

බලාපොරොත්තු දැල්වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අද අවසන් තරග බිමේ

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ‘ලෙජන්ඩ්ස්’ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන ශ්‍රී ලංකා ‘ලෙජන්ඩ්ස්’ පිල සහ සචින් තෙන්ඩුල්කාර් මෙහෙයවන ඉන්දීය ‘ලෙජන්ඩ්ස්’ පිල අතර අද (21) මුම්බායිහිදී පැවැත්වේ. විදුලි අලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර තලයේ තරගාවලියක මෙලෙස අවසන් මහ තරගයකට සුදුසුකම් Read More

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් තරඟයට

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර පැවති Road Safety World Series විස්සයි 20 අවසන් පූර්ව තරඟයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ලැබීය. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකානුවන්ව කඩුලු 8කින් පරාජය කළහ. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලූදෙනා දැවී ලකුණු Read More

ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන වසර 25යි

මීට වසර 25කට පෙර එනම් 1996 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වසර 25ක් තිස්සේ නොලැබුණු ලෝක ශූරතා පදක්කම් එම ක්‍රීඩකයන්ට ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව, 1996 වසරේ ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, උපනායක අරවින්ද සිල්වා ඇතුළු ක්‍රිකට් කණ්ඩායමට විශේෂ උපහාර දැක්වීමක් Read More

කොදෙව් පිලට කඩුලු 5ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට බ.ඉ.කොදෙව් කණ්ඩායම සමත්විය. එවින් ලුවිස් ලකුණු 103ක්ද, ශායි හෝප් ලකුණු 84ක්ද රැස්කිරීමට සමත් වූහ. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 273 ක් ලබාගත්තේය.

t

o

p