දෙවන ටෙස්ට් තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් වෙයි

April 4, 2021

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ප්‍රථම ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණූ 354ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 258ක් පමණකි.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම දෙවන ඉනිම සඳහා ලකුණු 280ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදිමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුනි.

ලකුණු 377ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය අවසන් දිනය නිමා වනවිට ලබාගත හැකි වුයේ කඩුලු 02ක් දැවී ලකුණූ 193ක් පමණකි.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය ද අවසන් වූයේ ජය පැරදුමෙන් තොරවය.

t

o

p