Business

සංචාරකයන්ගේ පැමිණිමේ වර්ධනයක්

පසුගිය ජූලි මාසයේ දී මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 115,704 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අනුව 2019 වසරේ මුල් මාස 07 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු සංචාරකයින් ප්‍රමාණය 1,124,153 ක් ලෙසින් වාර්තා වේ. 2018 ජූලි මාසයේ දී මෙරටට 217,829 ක විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ තිබේ. එය Read More

ආනයනය කරන සියලු මත්පැන් වර්ග නව ස්ටිකරය නොමැතිව විකිණිම තහනම්

මෙරටට ආනයනය කරනු ලබන සියලු මත්පැන් වර්ග සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් හඳුන්වා දී ඇති ආරක්ෂක ස්ටිකරයක් ඇලවීමකින් තොරව විකිණීම තහනම් කර ඇත. ඒ අනුව මින් මතුවට මෙම ස්ටිකර් අලවා නොමැති විදේශ මත්පැන් සන්තකයේ තබාගැනීම, ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම හා විකිණීම සපුරා තහනම් කෙරේ. මෙම විධිවිධාන අංක 2128/30 හා 2019 ජූනි මස 20 වන දින මුදල් Read More

අය වැයෙන් වැඩි කළ රුපියල් 2500 රාජ්‍ය සේවක වැටුපට අද සිට

අයවැයෙන් වැඩි කළ රු 2,500 අද සිට රාජ්‍ය සේවකයන් අතට පත් වන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජනා කරන ලද රජයේ සේවකයන් සඳහා වූ රුපියල් 2,500 වැටුප් වැඩි කිරීම අද (25) සිට ක්‍රියාත්මක වේ. ලක්ෂ 11කට අධික රාජ්‍ය සේවකයන් පිරිසකට මෙම රුපියල් 2,500 දීමනාවක් ලෙස අද Read More

නැවතත් යුරෝපා රටවල් කිහිපයකට නිදහස් පැමිණිමේ සංචාරක වීසා

සංචාරකයන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් අමාත්‍ය මණ්ඩලය විසින් තායිලන්තය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, සිංගප්පූරුව, නවසීලන්තය, මැලේසියාව, ස්විස්ටර්ලන්තය, කාම්බෝජය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා නිදහස් පදනම මත “පැමිණීමේදී ලබා දෙන සංචාරක වීසා බලපත්‍ර“ (On Arrival Visas) ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් Read More

නැවතත් සංචාරක හොදම ගමනාන්තය බවට පත්වීම යළි රට ගොඩ නැගීමට පිටුවහලක්

ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව යළිත් ප්‍රකාශ කිරීම අපේ රට ලද ගෞරවයක් බවත්, ඒ ගෞරවය යළි ලබා ගැනීම සඳහා වෙහෙසුණු සංචාරක ක්ෂේත්‍රයේ ලොකු කුඩා සියළු පාර්ශවකරුවන්ට තම ස්තුතිය පුද කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (03 වන දා) විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා පෙන්වා Read More

අතරමැදියන්ට හසු නොවන්න – ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා

ජපානයේ නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් ඒ ඒ විෂයට අදාළව සුදුසුකම් හා පටිපාටිය ඉදිරියේ දි දැනුම් දෙන තුරු කිසිදු තැරැව්කාරයෙකුට හෝ ආයතන වලට හසුනොවී කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ  නානායක්කාර මහතා පවසයි. මේ සම්බන්ධයෙන් අවශ්‍ය සුදුසුකම් හා භාෂා ප්‍රවීණතාවයන් පිලිබද මේ වන විට ජපන් රජය සමග සාකච්ජා පවත්වමින් සිටින බවත් කිසිදු පෞද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට මේ Read More

සේවායෝජකයා සේවකයා බදවා ගත් දිනය නිසි ලෙස දැනුම් දීමට නියෝග

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා විශ්‍රාමික ප්‍රතිලාභ සැලසීමේ අරමුණින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සම්මත කරන ලද පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. මෙම පනතේ විධිවිධාන ප්‍රකාරව සේවා යෝජකයකු විසින් සේවකයෙකු සේවයට බඳවාගනු ලැබූ පසු එම සේවකයාගේ තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට එම සේවා යෝජකයා බැඳි සිටියද එම Read More

ක්‍රෙඩිට් කාඩ් සදහා අය කරන පොලී අනුපාත ඉහළ දමයි

වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ. 2019 ජූනි මාසයේ සිට මෙලෙසින් ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරනු ලබන පොළිය ඉහළ නංවා තිබේ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව 2019 අප්‍රේල් මාසය වන විට මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් නිකුත් කර Read More

ජාතික ඩිජිටල්කරණ ගමන් මග එළි දැක්වේ

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ‘ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග’ එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 11 දා පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේ දී පැවැත්වින. මේ ඔස්සේ,  Smart Government, Smart Security, Smart Transportation & Mobility, Smart Health ආදී වශයෙන් රටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය Read More

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඩොලර් මිලියන 164 ක් ලංකාවට මුදාහරි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පස්වන සමාලෝචනය සම්පූර්ණ කර තිබේ. මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 164.1 ක හයවන වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කටයුතු කරනු ඇත. මෙම හයවන වාරිකය මුදා හැරීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ සිදු කළ සමස්ත මුදා හැරීම් ප්‍රමාණය විදේශීය Read More

t

o

p