ක්‍රෙඩිට් කාඩ් සදහා අය කරන පොලී අනුපාත ඉහළ දමයි

June 18, 2019

වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ් පත් වෙනුවෙන් අයකරනු ලබන පොළී අනුපාතිකය 32% ක් දක්වා ඉහළ නංවා ඇතැයි වාර්තා වේ. 2019 ජූනි මාසයේ සිට මෙලෙසින් ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරනු ලබන පොළිය ඉහළ නංවා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව 2019 අප්‍රේල් මාසය වන විට මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් විසින් නිකුත් කර තිබෙන
මුළු ක්‍රෙඩිට් කාඩ්පත් වෙනුවෙන් ගෙවිය යුතු සමස්ත හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 110.27 ක් ලෙසින් ගණන් බලා ඇත. මෙය 2019 මාර්තු මාසය අවසානය වනවිට පැවති රුපියල් බිලියන 107.97 ක්වූ හිඟ ගෙවීම් ප්‍රමාණය හා සැසඳීමේ දී රු. බිලියන 2.29 ක ඉහළ යාමකි.

මීට පෙර අවස්ථාවක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, ඉහළ පොළී අනුපාතික හේතුවෙන් ගනුදෙනුකරුවන් ක්‍රෙඩ්ට් කාඩ්පත් වැනි ණය උපකරණ භාවිතයට යොමු වීම අධෛර්යමත්වීමක් සිදුවන බවයි.

“ක්‍රෙඩිට් කාඩ් යනු අවදානම ඉහළ ණය උපකරණයක්. එය ගනුදෙනුකරු මත තීරණය වන්නේ. ඊට ගෙවිය යුතු ගාස්තුව ඒ අනුව තීරණය විය යුතුයි. ක්‍රෙඩිට් කාඩ් යනු දිගු කාලීන ණය පහසුකමක් නොවෙයි. එය කෙටි කාලීන දෙයක්. නියමිත දිනට හිඟ මුදල් පියවීමෙන් පොළී ගෙවීමෙන් වැළකී සිටින්න පුළුවන්. පොළිය වැඩිවීම තුළින් ගනුදෙනුකරුවන් මෙවැනි ණය උපකරණ වෙත යොමු වීම අධෛර්යයමත් වීමක් සිදුවෙනවා“, යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

t

o

p