මිල අධික විදුලි ජනනයන් තව වසර එකහමාරක් යන්න කලින් සම්පූර්ණයෙන් විසන්ධි කරනවා

June 18, 2019

“පසුගිය දිනවල යම් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් බලාගෙන හිටියේ වෙසක්, පොසොන් වලට රට අදුරේ තියලා සතුටු වෙන්න. ඒත් අපිට හැකිවුනා වෙසක් පොසොන් වලට රට අලෝකමත් කරලා, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් වල සිහින බිද දමලා, අහිංසක ජනතාව සතුටින් තියන්න. මේ තත්ත්වය වෙනස් වෙන්න ඉඩ දෙන්නෙපා. මේක චක්‍රලේඛ තුලින්, පත්‍රිකා තුළින් වැඩකල යුතු කාලයක් නෙමෙයි.  මේ වෙනස ඇති කරන්න අපි ඉදිරියෙන් සිටිය යුතුමයි” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ, විදුලි පාරිභෝගික ජනතාවගේ පහසුව පිණිස හදුන්වාදුන්,  CEB Care මෘදුකාංගය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (17) පෙරවරුවේ පැවති මෙම උත්සව අවස්ථාවට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“අපේම සහජ හැකියාවෙන් අපේ අනාගතය සුරක්ෂිත කරන්න යොදා ගැනිම විශිෂ්ටයි. මම විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කෙටි කාලය තුලදී දැක්කා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ ශක්තිය. මේ ශක්තිය ආයතනයේ සහ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදාගත යුතුයි.වත්කම් අතින් බැලුවත් ලංකාවේ වෙන කිසිම ආයතනයක් ලංවිම සමග සම කරන්න බැහැ. හැම ගෙදරකටම සැම මොහොතකටම නැතිවම බැරි ආයතනයක් තමයි විදුලිබල මණ්ඩලය. ජනතාවට විදුලිය අත්‍යාවශ්‍ය දෙයක් වුවත්, ලංවිම සමහර අවස්ථාවල පාරිභෝගිකයා අවශ්‍ය නැති ආකාරයට ක්‍රියා කරනවා. මේ තත්ත්වය තමයි වෙනස් කළ යුත්තේ. මම මෙම අමාත්‍යාංශය බාර අරන් කටයුතු කල කෙටි කාලය තුළ වටහාගත් එකම දේ තමයි පාරිභෝගිකයාට මුල් තැනදී කටයුතු කිරීමට ලංවිම පරිවර්ථනය කළ යුතුයි කියන එක.

ගෙවුණ වසර 50 ක කාලය තුළ ලංවිම සේවක පිරිස් විසින් මෙම ආයතනයේ කීර්ති නාමය ආරක්ෂා කරලා තිබෙනවා. නොයෙක් අර්බුධකාරි අවස්ථා වලදි එම අභියෝග වලට මුහුණදීලා, එම අභියෝග ජයගැනීමට ලංවීම පිරිස් වලට හැකිවෙලා තිබෙනවා. අප මේ වනවිට විදුලි ඒකක බිලියන 19 ක් පමණ නිෂ්පාදනය කරනවා. ජනන වියදම ඒකකයට රු. 24.00 වෙද්දි අපි ඒකකයක් අලෙවි කරන්නේ රු. 16.00 කට පමණ. මේ තත්ත්වය මත අපි අලාභයට ගමන් කරනවා. ලංවිම තුළ කාර්මික ඥාණය අතිවිශිෂ්ටයි. නමුත් මූල්‍ය පාලනය තවමත් එදා විලසමයි. පරිවර්ථනයක් කරන්න අදටත් කරන්න බැරිවෙලා තිබෙනවා. මම ඔබත් සමග මේ ගමන පටන් ගත්තේ අමාත්‍යවරයෙක් හැටියට හිතලා නෙමෙයි. මේ ආයතනය තුළ කරගත යුතු සුවිශේෂි  පරිවර්ථනයන් සිදු කළයුතුයි යන හැගීමෙන් යුතුවයි.

අප පාරිභෝගිකයා මුල්කරගෙන වැඩකළ යුතු කාලය දැන් එළඹිලා. ඔවුන් නැතිනම් අපට ආයතනයක් නැහැ. ඒ නිසා අපි පාරිභෝගිකයාට මුල්තැන දී කටයුතු කළ යුතුයි. මෙම මෘදුකාංගය තුළින් සිදුවූ වෙනස අති විශිෂ්ටයි. මේ වෙනස තුළින් තමයි ආයතනය ඉදිරියට ගෙනයා හැක්කේ. මේ වෙනස කළ යුත්තේ අප විසින්මයි. CEB Care මෘදුකාංගය තුළින් මේ ඇතිකල වෙනස අතිවිශිෂ්ටයි. අද මේ වෙනස සිදු නොකළොත්, තවත් වසර ගනනාවකින් වෙනත් පිරිසක් තුළින් මේ වෙනස ඔබ තුලද කාවද්දයි. අපේ ආයතතනය තුළ ඇතිකල යුතු වෙනස අපි විසින්ම කල යුතුයි. වෙනත් අමාත්‍යාංශයක් තුළින් අපේ ආයතන තුලට ඇගිලි ගැසීමක් අවශ්‍ය නැහැ.   අපේ අනාගතය අපේ අතේ තියාගන්න ඕන. අපේ අනාගතය සුරක්ෂිත කරන්න,  පාරිභෝගිකයා ආරක්ෂා කරන්න අපි වැඩපිළීලෙක් ආරම්භ කලා. ඒ තුළින් අපට පෙනෙනවා අප යන්න ඕන ඉදිරි මාර්ගය. ලංකා විදුලිබල මන්ඩලය තුළ තරගකාරීත්වයක් ඇති කරලා, පාරිභෝගිකයාට හොද සේවයකත් ලබාදෙන්න පුළුවන්නම්, ඒ වෙනස කෙතරම් වටිනවාද.  අපට රජයේ නිලධාරීන් වශයෙන් සේවය ඇවිත්, මොනවා උනත් කමක් නැහැ කියලා හිතලා, පැය 8 ක් ඉදලා ඔහේ යන්නත් පුලූළුන්. නමුත් තමා ලබාගන්නා වැටුපට සරිලන සේවයක් සපයන්න අපට යුතුකමක් මෙන්ම වගකීමක් තිබෙන බව අප මතක තබා ගත යුතුයි. අපට වැටුප් ගෙවන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් නිසා අපටත් යම් වගකීමක් තිබෙනවා ජනතාව වෙනුවෙන් සේවය කරන්න.

අපි නිතරම බලන්න ඕන අපේ පාරිභෝගිකයන් සමග මිත්‍රත්වයෙන් කටයුතු කරන්න. විදුලි බිල එද්දිම ජනතාව තුළ බියක් ඇති කරනවා, දින 30 කින් නොගෙව්වවොත්, විදුලිය සිදලනවා කියලා. රු. 1000.00 බිලක් ගෙවන්න බැරිව විදුලිය සිදලීමක් සිදුකළොත්. නැවත එම සම්බන්ධතාවය ලබාගන්න අමතරව රු. 1300.00 මුදලක් ගෙවන්න වෙනවා. මෙවැනි ක්‍රියා තුලින් ලංකා විදුලිබල මන්ඩලය පාරිභෝගික ජනතාවගේ සිත් තුළ අප්‍රසාදයට පත් වෙනවා. මේ තත්ත්වය වෙනස් කරලා මිත්‍රශීලීභාවයක් ඇතිකළ යුතුයි. ඒ වගේම නව විදුලි සබදතාවක් ඉල්ලුම් කිරීමේදී එය හැකි ඉක්මනින් සතියක් වැනි කාලයකින් ලබාදීමට අප ක්‍රියාකළ යුතුයි. මෙ සදහා නිරන්තරයෙන් අපේ ඉල්ලුමට සරිලන සැපයුමක් තබාගත යුතුයි. අද අපි සැපයුම සීමා කරලා. ඉල්ලුම තමයි ඉදිරියෙන් තිබෙන්නේ. අද කැළණිතිස්ස, උතුරු ජනනි යන තැන්වල අනවශ්‍ය ආකාරයේ මිල අධික විදුලි ජනනයන් සිදු කරනවා. තව වසර එකහමාරක් යන්න කලින් අපි මේවා සම්පූර්ණයෙන්  විසන්ධි කළ යුතුයි. මෙවැනි දේවල් සිදුවන්නේ නිසි වේලාවට නිවැරදි ආකාරයේ දේශපාලන තීන්දු තීරණ නොගැනීම නිසයි. අපි දැන් ඒක පිළිඅරන් ඉවරයි. එම වැරදි නිවැරදි කරගන්න අපට දැන් ඔබගේ සහාය අවශ්‍යයි.

විදුලිබල මණ්ඩලයෙන් මම ඉල්ලීමක් කරනවා, මාස 03 ක් 04 ක් යන්න කලින් ලංකාවෙන් පිට කොන්ත්‍රාත් වැඩ ආරම්භ කලයුතුයි කියලා. එහෙමයි අපි වෙනසක් ඇතිකල යුත්තේ. පුද්ගලික අංශයෙන් ලෝකය තරණය කරන්න පුළුවන්නම්, ඇයි ලංවීමෙන් එය කරන්න බැරි. වියදම කොපමණ වුවත් අපි ඒක ලබලා දෙනවා. මේ අභියෝගය ජය ගැනීම තිබෙන්නේ ඔබගේ අතෙයි. ඔබගේ තාක්ෂණික ඥානයක්, මගේ උදව්වත් උපයෝගී කරගෙන මේ අලාභය ලාභයකට පරිවර්ථනය කරමු. මේ සදහා අපගේ ජනනය කිරීමේ වියදම අවම කල යුතුයි. සැමදෙනාටම සාධාරන ජනන මිලක් ඇති කල යුතුයි. මෙම වෙනස ඇති නොකළොත් වසර 4 කින් 5 කින් විදුලිබල මණ්ඩලය කඩාවැටෙයි. ඒ තත්ත්වය වෙනස් කරන්න අපි එකතු වී වැඩකල යුතුයි. සූර්යබල සංග්‍රාමයේ කිසිදු වෙනස් කමක් කරන්න අපි කටයුත කරලා නැහැ. සූර්යබල සංග්‍රාමය 500% කින් වැඩි කරනන අපි කටයුත කරනවා.  නිරන්තරයෙන් අපි විදුලි පාරිභෝගිකයාත්, ලංවීමත් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුයි.  මේ සදහා අපිට ලැබී ඇති අවස්ථාවෙන් අපි දැන් නිවැරදි ආකාරයෙන් ප්‍රයෝජන ගත යුතුයි යැයි පැවසීය.

 

t

o

p