රනිල් – මෛත්‍රි තිරුපති වන්දනා කරති

  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(03) පෙරවරුවේ ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්හි ඓතිහාසික තිරුපති කෝවිල වැඳ පුදාගත්තේය. කොළඹ සිට ගුවනින් චෙන්නායි නුවර බලා ගිය අග්‍රාමාත්‍යවරයා එතැන්සිට විශේෂ හෙලිකොප්ටර් යානයකින් තිරුපති ගුවන්තොටුපොළ බලා පැමිණියේය. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍ය එන්. අමරාන් රෙඩි  ප්‍රමුඛ ප්‍රාන්තයේ ඉහළම නිලධාරින් විසින් පිළිගත් බව ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා කර තිබිණි. Read More

අප්‍රේල් මාසේ පළමු සතිය වෙනකොට විදුලි පාරිභෝගිකයාට සැබෑ පෙරළියක් සිදුකරලා දෙනවා…

  “අපට පැවරිලා තිබෙන කාර්යය තමයි, අවම මිලක් යටතේ විදුලිය නිපදවලා, සමස්ත දිවයිනටම අවම මිලකට ගුණාත්මක, අඛණ්ඩ විදුලි සේවාවක් ලබාදීම. ත්‍රිකුණාමල ප්‍රදේශයේ තිබෙන සම්පත් තුළින් අවම පිරිවැයක් යටතේ විදුලිය උත්පාදනයට සුවිශාල හැකියාවක් තිබෙනවා. නමුත් මෙම කාර්යයන් සිදු කරද්දි අපි අපේ ජනතාවට, පරිසරයට සිදුවන හානි අවම කරගනිමින් කටයුතු  කළ යුතුයි.  ඒ සංවර්ධනය හේතුවෙන් පවුල් 100ක් 200ක් Read More

වත්මන් රජය 2018 වසරේ අධ්යා පනය හා සෞඛ්ය වෙනුවෙන් වෙන් කළ මුළු මුදල සමස්ත අයවැයෙන් සියයට 25.91 ක්

2018 වර්ෂයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි ප්‍ර‍ගමනය උදෙසා නව රජය වෙන් කළ මුළු මුදල සමස්ත අයවැයෙන් සියයට 25.91 ක් පමණ වන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සහ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මැතිතුමා නැවතත් අවධාරණය කරයි. එතුමා මේ බව පැවසූයේ, පසුගියදා (01) මාතර තිහගොඩ ජාතික පාසලෙහි Read More

පහළ මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු අප්රේේල් අවුරුද්දට කලින් – අමාත්ය පී. හැරිසන්

සිංහල අවුරුද්දට පෙර මල්වතු ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පහළ මල්වතු ජලාශයේ ව්‍යාපෘති කාර්යාලය ජනතා අයිතියට පත් කරමින්  ප්‍රකාශ කළේය.   ජලාශය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 155ක් වැයවන බවත්, ජලාශයේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබන චීන සමාගම හා  දේශීය ඉංජිනේරුවන් සමඟ සාකච්ඡා කරමින් Read More

චරිත ඝාතනය කරන්නේ නැතුව මාධ්‍යයෙන් නිවැරදි දේ හෙළි කළ යුතුයි – රවි

“අද මම හිතන්නේ මාස ගණනාවකට පස්සේ නැවත මහරගම නීත්‍යානුකූලව එක්සත් ජාතික පක්ෂය තමයි පාලනය කරන්න අවශ්‍ය වන්නේ. නමුත් අද කව්රුත් කිසිම නායකත්වයක් නැතුව අගාධයට යන අවස්ථාවක් අද උසාවිය ඉදිරියේ තියෙන්නේ යැයි විදුලි බල හා බලශක්ති ඇමති රවි කරුණුනායක මහතා කීය. “අපි හිතනවා අද උසාවියෙන් යම් සෙතක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. මේ මැතිවරණ ක්‍රමය තුළ තියෙන Read More

රටේම දුෂණ හොයන පාදෙණියගේ දුෂණ හොයන්නයි සෞඛ්‍ය අැමතිට ඉල්ලීමක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පිළිබදව ලැබි ඇති තොරතුරු අනුව සිදු කර ඇතැයි පැවසෙන අක්‍රමිකතා ,වංචා සහ දුෂණ පිළිබදව වාර්ථාවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් ‌බෙල්ලන මහතා ඇතුලු සාමාජිකයින් විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යංශයේ දි ඊයේ  (28) දින භාර දෙන ලදි. Read More

ජෝන් අමරතුංග මැතිතුමාට පක්ෂය වෙනුවෙන් හොද විනයක් තිබෙනවා – අගමැති

ජෝන් අමරතුංග මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සැපිරීම නිමිත්තෙන් 2019.02.27 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කථාව. ජෝන් අමරතුංග ඇමතිතුමාත්, මමත් දේශපාලනයට පැමිණියේ එකම කාලයකදීයි. 1970 වසරේ එක්සත් ජාතික පක්ෂය ලැබූ පරාජයෙන් පසු ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පක්ෂ නායකත්වය යටතේ පෝල් පෙරේරා මහතා සමඟ නීතීඥ සංගමය සංවිධානය කිරීම Read More

රජයේ දීප ව්‍යාප්ත නිලධාරින්ගේ උසස්විමේ ගැටලුවට රජයෙන් විසදුම්

රජයේ දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරීන් මුහුණ පා ඇති උසස්වීමේ ගැටලු නිරාකරණය කොට නව උසස්වීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය කොට ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ සංදේශයක් ලෙසට 2019 පෙබරවාරි 26 වන දින මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු Read More

මෙරටදි ඇල්ලු ලොකුම කුඩු තොගය ගෙනා කොස්ගොඩ සුජිට නිල්වරෙන්තු

මෙරටදි  අත්අඩංගුවට ගනු ලැබු විශාලතම හෙරොයින් තොගය සම්බන්ධයෙන් මෙරටින් පලා ගොස් විදේශයේ සැඟවි සිටින කොස්ගොඩ සුජි /කිරුලපන මොරිල් ඇතුලු සැකකරුවන් පස් දෙනෙකුට අද (01) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කලහ. එසේ වරෙන්තු නිකුත් කරන ලද්දේ කිරුලපන පදිංචි ඇන්ටනි මයිකල් මොරිල්, කොස්ගොඩ පදිංචි ජගමුණි සුජිවද සිල්වා ,කලුබෝවිල පදිංචි මොහොමඩ් සියාම් බාසික්, පානදුර පදිංචි මකිම් Read More

දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ගිනි අවි සහ මුදල් සමග දැලේ

හෙරොයින් ජාවාරම හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පාතාල සාමාජිකයෙකු වන දෙමටගොඩ චමින්දගේ සොහොයුරා ,පකිස්ථාන ජාතිකයෙකු ඇතුලු පුද්ගලයින් නව දෙනෙකු ගිනි අවි ,මුදල් ඇතුලු දේපල රැසක් සමග ඊයේ (28) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිදානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙමටගොඩ, වේලුවන පෙදෙස පදිංචිව සිටි සිරිනායක පතිරණලාගේ රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ Read More

t

o

p