2015 සිට අය වැයට පැමිණි ජනපති මෙවර අය වැයට නොපැමිණෙයි චන්ද්‍රිකා පැමිණේ

ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු පත්වූ යහපාලන ජාතික රජයේ සියලු අය වැය ලේඛන ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා අද (05) පැවැති අය වැය ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වූවේ නැත. 2015 සිට ඉදිරිපත් කළ අය වැය 3 කටම ජනාධිපතිවරයා සහභාගී වුවද මෙවර ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත. එසේවුවද හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය Read More

අය වැය හිගය රුපියල් බිලියන 685 ක්

මුදල් ඇමති මංගල සමරවිර මහතා විසින් ඉදිරිපත් කළ 2019 අය වැය ලේඛනය අනුව මෙම වසරේ අය වැය හිගය රුපියල් බිලියන 685 කි. 2019 වසරේ රජයේ ආදායම රුපියල් බිලියන 2464 ක් වන අතර රජයේ මුළු වියදම රුපියල් බිලියන 3149 ක්වේ. අය වැය හිගය ණය හා ප්‍රදාන මගින් ලබා ගැනිමට අපේක්ෂා කරන බවද මුදල් ඇමතිවරයා සදහන් කළේය.

අය වැය යෝජනා කෙටියෙන්

ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය යෝජනා මෙසේය. කුඩා ට්‍රක් රථ සඳහාවන නිෂ්පාදන බද්ද ඉවත් කෙරේ.රබර් වගාව දිරි ගැන්වීමට රුපියල් මිලියන 800 ක් වෙන්කෙරේ. ග්‍රාමීය පාසැල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදේ. වසර අවසන් වෙද්දී සෑම නිවසකටම වැසිකිලි ලබා දීමට රුපියල් බිලියන හතරක් වෙන් කෙරේ. බස් රථ නැවතුම්පොළවල්වලට නවීන තාක්ෂණයෙන් යුත් වැසිකිලි පද්ධති ලබා දේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි Read More

රාජ්‍ය සේවක වැටුප් වැඩි වේ. වාහන ගාස්තු ඉහළට. ලක්ෂ 10 ක් ගෙවිමෙන් වහන අංක තහඩුවට තම නම

රාජ්‍ය සේවක වැටුපට 2019 ජුලි 01 දා සිට 2500 ක දිමනාවක් ලබා දෙන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා මෙම වසරේ අය වැය ලේඛනය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට අද (05) දැනුම් දුන්නේය. මුදල් ඇමති මංගල සමරවිර මහතාගේ දෙවන අය වැය ලේඛනය හා එක්සත් ජාතික පක්ෂ රජයේ පළමු අය වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූවේ අද පස්වරුවේය. Read More

අබ්දුල් කලාම් ආසියා අභිමානය සම්මානය කතානායක කරු ජයසූරියට

අබ්දුල් කලාම්  කළමණාකරන හා  තාක්ෂණ අධ්‍යන ආයතනයෙන්  කථානායක කරු ජයසුරිය මහතාට   Prid Of Asia (ආසියාවේ අභිමානය)   සම්මානය පිරිනැමෙයි.   ඉන්දියාවේ කීර්තිමත් ජනපතිවරයෙකු මෙන්ම ලෝක ගෞරවාදරයට පාත්‍ර වූ විශීෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් ජනපතිවරයා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමණාකරණ හා තාක්ෂණ විද්‍යායාතනය මඟින්  Prid Of Asia (ආසියාවේ අභිමානය)  සම්මානය අද (2019.03.05)  පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා වෙත Read More

අගමැති නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමති හමුවේ

නොර්වේ රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මේරිඈන් හාගන් (Marianne Hagen  – State Secretary of Foreign Affairs)මහත්මිය ඇතුළු දූත පිරිස අද (05) දින අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය.

මංගලගේ 2019 අය වැය අද සවස ඉදිරිපත් කෙරේ

විසර්ජන පනත හෙවත් 2019 වර්ෂය සදහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද(05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වත්මන් රජයේ පස්වන අයවැය වන මෙය ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සකස් වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය. අයවැය යෝජනාව පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර අද (05) පෙරවරුවේ Read More

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගයේ ප්‍රථම ජය අප්රිකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ඊයේ (03) පැවති පළමු තරඟය ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ ලකුණු 232ක් රැස් කරමින්. ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47ක් තුල Read More

ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු බවට යෝජනා

ඉන්දියාවත් පකිස්ථානයත් අතර හට ගැනිමට ගිය යුද්ධ තත්ත්වය කඩිනමින් විසදා ගැනිම හේතුවෙන් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හට මේ වසරේ නොබෙල් සාමත ත්‍යාගය හිමිවිය යුතු බවට එ‍රට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත. අගමැති ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බවට යෝජනාව ඉකුත් 02 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ සන්නිවේදන කටයුතු පිළිබ’ද ඇමති ෆාවද් චෞද්‍රි විසිනි. පාකිස්ථානයේ Read More

ඉන්දු පකිස්ථාන් ගැටුම් තව දුරටත් පුද්ගලයින් 7 ක් මරුට

කාෂ්මීර ප්‍රදේශයේ ඉන්දු පාකිස්ථාන ආරක්ෂක අංශ අතර හටගෙන ඇති ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ. පාකිස්ථාන අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමෙන් අනතුරුව ගත වූ කාලය තුළ මෙම ගැටුම් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. කාෂ්මීර ප්‍රාන්තයේ ඉන්දීය පාලන ප්‍රදේශයට Read More

t

o

p