ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරගයේ ප්‍රථම ජය අප්රිකාවට

March 4, 2019

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ඊයේ (03) පැවති පළමු තරඟය ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

ඒ ලකුණු 232ක් රැස් කරමින්.

ජොහැන්නස්බර්ග් නුවර වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරඟයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47ක් තුල සියල්ලන් දැවී ලකුණු 231ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 23ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 2ක් බිඳ වැටුණේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලකුණු 8කට සහ 9කට දැවී යාමත් සමඟයි.

අද ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් ඕෂධ ප්‍රනාන්දු කුසල් ජනිත් සමඟ එක්ව තෙවන කඩුල්ලට ලකුණු 76ක අගනා සබඳතාවක් ගොඩ නැගුවේය.

කුසල් ජනිත් ලකුණු 33යි.

දර්ශනීය පිතිහරඹයක නිරත වූ ඕෂධ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 49ක් රැස් කළේය.

ඔහුට සිය මංගල තරඟයේදී ම අර්ධ ශතකයක් රැස් කිරීමේ අවස්ථාව එක් ලකුණකින් මගහැරී ගියේ දුවද්දී දැවීයාමකට හසුවීම හේතුවෙන්.

අනතුරුව පිටියේ එක්වූ ධනංජය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව යලි ස්ථාවර මට්ටමකට එන එමින් 5 වන කඩුල්ලට ලකුණු 94ක් රැස් කළේය.

ධනංජය ලකුණු 39ක් ලබා ගත්තේය.

මේ අනුව සියල්ලන් දැවී ලකුණු 231ක් ලෙසින්, පන්දු යැවීමේදී ඉම්රාන් තහීර් සහ ලුන්ගි එන්ගිඩි කඩුලු 3බැඟින් දවා ගත්තේය.

ඒ අනුව ලකුණු 232ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 38යි පන්දු 05ක් තුල එම ඉලක්කය පසු කළේය.

එහිදී නොදැවී ලකුණු 112ක් රැස් කළ ෆෆ් ඩුප්ලේසී සිය කණ්ඩායම ජයග්‍රහණයකරා රැගෙන ගියේය.

ඔහුට සහයක් ලබාදුන් කුවින්ටන් ඩී කොක් ලකුණු 81ක් රැස් කළේ හතරේ පහර 11ක් සමඟින්.

t

o

p