UAE බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයින්ට නිදහස හිමිවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා විවිධ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට රාජකීය නියෝගයක් මගින් සමාව ලබාදී ඇත. දෙසැම්බර් 02 දිනට යෙදී තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබේ.

දිස්ත්‍රික්ක 05කට නාය යෑමේ අනතුර ඇඟවීම් නිවේදන

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05කට නාය යෑමේ අනතුර ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල, මහනුවර, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා විමසිලිමත් විය යුතු මට්ටමේ සහ අවධානය යොමු කළ යුතු මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති Read More

31 රෑ විශේෂිත රථවාහන සැලැස්මක්

හෙට (31) දිනයේ රාත්‍රියේ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අද (30) පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කරයි. මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධාරීන් යොදවා ඇති බවත්, හදිසි අවශ්‍යතාවයක දී කැඳවීම සඳහා පොලිස් විශේෂ කාර්ය නිලධාරීන් ද යොදවා ඇති බවයි Read More

බදුගොනු විවෘත කිරීම කල් යයි

ලබන වසරේ ජනවාරි 01වැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපල මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි 01 වැනි දා සිට අනිවාර්ය වන Read More

අවුරුදු 25කට පසු භාණ්ඩාගාරයෙන් වාර්තාවක්

2023 වසරේ සියලු අනුමත ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව 2023 වසරේ දෙසැම්බර් 15 දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලු ම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මෙලෙස නිදහස් කිරීමට කටයුතු කර තිබේ. පසුගිය වසර 25ක Read More

ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති පසුබිමක දෙසැම්බර් මාසයේදී පමණක් රෝගීන් 10,600කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. යාපනය විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු යාපනයේ තිදෙනකු පසුගිය දින කිහිපය තුළ ඩෙංගු රෝගය වැළදී ජීවිතක්ෂයට පත්විය. ඩෙංගු මදුරුවා මිනිස් සිරුරට දෂ්ට කිරීමෙන් දින 4ත් 10ක් Read More

මත්පැන් මිල ඉහළට

2024 ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම සදහන් කරයි.ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ඉහළ යනු ඇත.මිලිලීටර් 375 සහ මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල පිළිවෙලින් රුපියල් 50කින් සහ රුපියල් 20කින් මිල ඉහළ නංවා තිබේ. වැට් වැඩිවීම මත මෙම මිල ගණන් සංශෝධනය Read More

මාස 06ත්, 09ත් අතර ළදරුවන්ට අමතර සරම්ප මාත්‍රාවක්

දිස්ත්‍රික්ක කිහිපයකින් සරම්ප රෝගීන් වාර්තා වීමත් සමග මාස 06ත්, 09ත් අතර ළදරුවන්ට අමතර සරම්ප මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව 2024 වසරේ ජනවාරි මස 06 වැනිදා උදෑසන නවයේ සිට පස්වරු 4 දක්වා ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාදීම සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීමට පිළිරුවක්

ජනප්‍රිය ගායිකා ෂකීරාට ගෞරව දැක්වීම සඳහා කොලොම්බියාවේ ඇය උපන් නගරයේ පිළිරුවක් ඉදිකර තිබේ. මෙම පිළිරුව ලෝකඩවලින් නිමවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යළි අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහළට

ලංකා සතොස පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි වාර්තා වෙයි. මෙම මිල පහළ දැමීම 2023 දෙසැම්බර් 28 වන දින සිට ක්‍රියාත්මකයි.

t

o

p